මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ අප්‍රේල් 10 වැනිදා සිට වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත Spring Meeting සඳහා සහභාගී වීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය සහ අදාළ වගකීම්, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත පැවරීම හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ 2023 Spring Meeting සඳහා සහභාගී වීමට නියමිතය
තවද රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරන්නේ, ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත් ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාවේ ජත්‍යාන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සහභාගීත්වය රටට මහඟු අවස්ථාවක් සලසනු ඇති බවය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ද හමුවට සහභාගී වීමට නියමිතය.








