ශ්‍රී ලංකා ක්‍රීඩක භාණුක රාජපක්ෂට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව විසින් වසරක ක්‍රිකට් තහනමක් වසර දෙකකට අත්හිටුවා පනවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටිද්දී මාධ්‍ය වෙත පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව විවේච්නාත්මක අදහස් දක්වා විනය කඩකිරීම හේතුවෙන් ඔහු වෙත මෙම තහනම පනවා තිබේ.
මීට අමතරව ඩොලර් පන්දහසක දඩයකට ද ඔහුව යටත් කර තිබේ. එක්තරා පුද්ගලයෙක් සමග යූ ටියුබ් නාලිකාවක් වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මුල් කරගෙන විනය කමිටුව විසින් මෙම දඬුවම පනවා තිබේ.
කෙසේ වෙතත් භානුක රාජපක්ෂ ඉන්දියානු සංචාරය වෙනුවෙන් ජෛව බුබුලකට නම් කළ සංචිතයට එක් වී සිටින අතර ඔහු බොහෝ විට මෙවර ඉන්දීය සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම