දයාරත්න ඇඹෝගම – ( ලංකාදීප පුවත්පත) –
මිහින්තලේ රෝහලෙන් පාසල් සිසුන් පිරිසකට ලබාදුන් එන්නතක් විස වී සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන පාසල් දරුවන් 11 දෙනෙකි.
මෙම සිසුන් අද සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලය රොහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස විමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.
එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.







