පසුගිය 31 දා ජනපති නිවස වටලා කළ උද්ඝෝෂණයේ දී බස් රථ දෙකක් ගිනි තබා විනාශ කළ පුද්ගලයින් හඳුනා ගැනීමට මහජන සහය පතන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එම අවස්ථාව ආවරණයවන පරිදි ගත් සී.සී.ටී.වී දර්ශන ඇසුරින් බස් රථ ගිනිබත් කරන පුද්ගලයෙකුගේ රුවකට සමාන රුවක් පොලිසිය විසින් නිර්මාණය කර ඇත.







