අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිරි­ස­වැ­ටියේ යක්කු එළ­වන්න පැය 12 න් ස්තූප­යක් හැදු විස්කම් මිනිසා….

විද්‍යාජෝති ගැමුණු සිල්වා දිවමන්ව සිටි අවධියේ කළ මතකාවර්ජන සටහනකි...

by editor
ජූලි 3, 2021
in පුවත්
Gemunu-Siva

විද්‍යාජෝති ගැමුණු සිල්වා

Share on FacebookShare on Twitter

තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ –

එවැනි මිනිස්සු යළි පහළ වෙනු ඇතිදැයි නොදනිමි. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු විද්‍යාජෝති ගැමුණු සිල්වා වැනි මිනිසුන්ගේ නික්ම යෑම සදාකාලික හිදැස් නිර්මාණය කරන්නෙ එබැවිනි. අද අප දකින මහා සංස්කෘතික නිමැවුම්වල මෑත කාලීන ප්‍රතිසංස්කරණයන් පසුපස සිටි මහා සෙවනැල්ල ඔහුය. මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම ඉංජි­නේ­රු­ව­ර­යකු හා ගුවන් හමුදා නිල­ධා­රි­යකු වන ගැමුණු සිල්වා ගැන මෙන් ම ඔහු මෙර­ටට කළ සේවය අළලා ඔහු ජීවමානව සිටි අවධියේ සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදිනයක වන තුෂාරි නේරංජනා වික්‍රමසිංහ කළ සම්මුඛ සාකච්ඡාවක් මෙසේ උපුටා පල කරමු. මෙම ලිපිය පල වී තිබුණේ සිළුමිණ සිත්මල්යාය අතිරේකයේ.

කුඩා කල ඔබේ තොර­තු­රු­ව­ලින් ම මේ කතා බහ අර­ඹමු?

මගේ මුල් ගම් පළාත කළු­තර. අපේ පවුල එහි සිට තමයි කොළඹ පදිං­චි­යට පසු කලෙක පැමි­ණෙන්නේ. මගේ පියා ඩේවිඩ් සිල්වා. එතුමා සේවය කළේ දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ. අම්මා වය­ලට් ප්‍රනාන්දු. මම­ත­මයි පවුලේ වැඩි­මල් ම දරුවා. මට බාල මල්ලිලා තිදෙ­නෙ­කුත් එක් නැග­ණි­ය­කුත් ඉන්නවා. මූලික අධ්‍යා­ප­නය මම ලබන්නේ කළු­තර ඥානෝ­දය විදු­හ­ලෙන්. ඉන්ප­සුව කොළඹ ආනන්ද විදු­හ­ලට ඇතු­ළත් වී විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය ලබ­නවා. මගේ සර­සවි ජීවි­තය හරිම සුන්ද­රයි. 1962 දී මං පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්ව 1969 දී යාන්ත්‍රික ඉංජි­නේරු උපා­ධිය ලබා ගත්තා. කොහොම වුණත් අර­ගල නිසා විශ්ව­වි­ද්‍යාල ජීවි­තය තර­මක් දීර්ඝ වුණා.

උපා­ධි­යෙන් පසුව ඔබ මොන­වද කරන්නේ?

මගේ උපා­ධිය ඉංජි­නේරු අංශ­යෙන් නිසා මම රාජ්‍ය ඉංජි­නේරු සංස්ථා­වට බැ‍ඳෙනවා. විශේ­ෂ­යෙන් ම එයට බල­පෑවේ එව­කට ඉංජි­නේරු සංස්ථාවේ සේවය කළ කුල­සිංහ මහ­ත්මයා. ඒ කාලෙ ඉංජි­නේ­රු­වෙක් වෙන්න ඕන­නම් බැ‍ඳෙන්න ඕනෙ ඉංජි­නේරු සංස්ථා­වට. ඉතින් මමත් බැඳිලා කුල­සිංහ මහ­ත්ත­යට පින් සිද්ධ වෙන්න ඉංජි­නේ­රු‍කම හරි­යට ම ඉගෙන ගත්තා. කුල­සිංහ මහ­ත්ත­යාත් එක්ක වැඩ කරන එක ලේසි වුණේ නම් නැහැ. එතුමා අපිට මොනව හරි වැඩක් පැවැ­රුවා ම, ඒ ගැන මම දන්නෙ නැහැ සර් කියල කියන්න පුළු­ව­න්කම් තිබ්බේ නැහැ. ඉංජි­නේරු බීඑස්සී පාස් වෙලා තිබුණා නම්, හැම­දේම දැන­ගෙන ඉන්න ඕන. ‘සර් මම සිවිල් ඉංජි­නේරු නෙමේ කිව්වොත්’ ඔහුට හරි­යට කේන්ති යනවා. සිවිල් වේවා මැකැ­නි­කල් වේවා ඉංජි­නේ­රු­වෙක් නම් ඒ හැම­දේම දැන­ගෙන ඉන්න ඕනැ කියන ස්ථාව­රයේ තමයි කුල­සිංහ මහ­ත්මයා හිටියේ. එනිසා ඒ කාලෙ කුල­සිංහ මහ­ත්මයා අපිට හරි­යට වැඩ දුන්නා.

Gemunu-Silva
විද්‍යාජෝති ගැමුණු සිල්වා

මොන­වද ඒ ක‍ාලෙ ඔබගේ දක්ෂතා?

ඒ කාලෙ අපිත් ඉතින් බොහොම කම්මැ­ලියො. ආසා­වෙන් වැඩ කරපු මිනි­ස්සුත් නෙමෙයි. (ඔහු සිනා­සෙයි) ඒත් අපේ ගෙද­රින් උග­න්නපු දේ නිසාද මන්ද මගේ එක ගති­යක් තිබුණා මට පව­රපු වැඩක් බැහැයි කියන්නෙ නැතිව ෆේල් වෙන්නෙ නැතිව ඉව­රම කරල දාන. විභාග නම් අන­න්ත­වත් ෆේල් වුණා තමයි. ඒත් දුන්න වැඩේ නම් කව­දා­වත් ෆේල් කළේ නැහැ. ඒ අතර අපිට ලැබුණු අභි­යෝග අනුව කරපු සම­හර දේවල් ලංක‍ාවේ පළ­වෙනි පාරට කරපු දේවල් බවට අපිත් නොදැ­නීම පත් වුණා. ඒ කාලෙ පොඩි කොල්ලො විදි­හට හුඟක් වෙලා­වට මට ම පුදු­මයි අපි ඒවා කළා නේද කියලා.

ඔබ ගුවන් හමු­දා­වට එක්වෙ­නවා නේද?

ඔව්. 1971 දි කැරැල්ල ආ වෙලා­වෙදි. කුඩා කාලෙ ඉඳන්ම මට බො‍හොම ලොකු ආසා­වක් තිබුණා ෆයි­ලට් කෙනෙක් වෙන්න. ඉතින් එයට ඒ කාලෙ ලන්ඩන් ඒ ලෙවල් සමත් වෙන්න ඕන. මම ලන්ඩන් ඒ ලෙවල් සමත් වෙලා හිටියේ. ඒත් මම ගුවන් හමු­දා­වට බැ‍ඳෙන්න යන විට ඒ වසරේ ෆයි­ලට්ලා බඳවා ගත්තෙ නැහැ. මෙහෙම ආසා­වෙන් ඉන්න­කොට මම ටියු­ෂන් කරලා මුදල් හොයා­ගෙන පෞද්ග­ලි­කව එරෝ­ප්ලේන් එළ­ව­න්නට පුරුදු වුණා. මොකද ඒ කාලෙ පැය­කට ම එ‍රෝප්ලේන් පුහු­ණු­වට අය කළේ රුපි­යල් හැට­පහ් වගේ ගණ­නක්. මේ අත­ර­තුර මම එංග­ලන්තෙ තවත් විභා­ග­යක් කළා. එරෝ­මැ­ටි­කල් සොස­යිටි කියලා. මම තමයි ඒ වෙන­කොට ලංකා­වෙන් ඒ විභා­ගය අරන් සමත්ව තිබුණේ. 1971 දි මම ගුවන් හමු­දා­වට බැ‍ඳෙනවා. ඒකත් හරි අහඹු විදි­හට සිදු­වෙන්නේ.

ඒ කාලෙ කොළඹ මහ­ජන බැංකු මූල­ස්ථා­නය අපි හද­මින් ඉන්නේ. එහි බෝර දාන්න ඕනෙ ෆයිල් ගහන්න. මේ අතර එහි වැඩ කර­මින් තිබුණු මැෂින් එකක් කැඩිලා. කුල­සිංහ මහ­ත්තයා මාව එය හදන්න එතැ­නට එව­නවා. මම දකි­නවා ගුවන් හමුදා මූල­ස්ථා­නයේ ක්‍රීඩා පිටියේ සම්මුඛ පරී­ක්ෂ­ණය පව­ත්ව­නවා. මමත් එයට එකතු වුණා. දවස ම එතැන ඉඳලා කොහොම හරි ගුවන් හමු­දා­වට බැඳුණා. 71 දි ෆාස් අවුට් වෙලා මට ඕනෙ වුණේ ගුවන් යානා එළ­වන්න යන්න. ඒත් ඔවුන් මට කිව්වා අපිට එරෝ ප්ලේන් එළ­වන්න අය ඕන තරම් ඉන්නවා ඉංජි­නේ­රුවො නැහැ. ඔයා ඉංජි­නේ­රු­වෙක් වෙලා ඉන්න කියලා. ඉතින් එයාර් ෆෝර්ස් එකේ ඉංජි­නේරු අංශයේ ටෙ­ක්නි­කල් ඉංජි­නේ­රු­වෙක් විදි­යට වැඩ කට­යුතු කළා. ඒ අතර ඉංජි­නේරු සංස්ථා­වෙත් වැඩ කළා. මේ අතරේ මට ප්‍රංශ­යට වසර තුනක ශිෂ්‍ය­ත්ව­යක් ලැබුණා.

ගුවන් හමු­දාවේ පූර්ණ සහ­යෝ­ග­යෙන් මම ප්‍රංශ­යට ගිහින් මගේ ශිෂ්‍ය­ත්වයේ වැඩ කට­යුතු සම්පූර්ණ කළා. කොහොම හරි 1979 දි මම ගුවන් හමු­දා­වෙන් ඉවත් වුණා. එදා ඉඳලා 2003 වසර වෙන තුරු ම ඉංජි­නේරු සංස්ථාවේ විවිධ නිල­තල හෙබ­වූවා. රටට දැයට විශාල වැඩ කොට­සක් මේ කාලයේ මට කර­න්නට පුළු­වන් වුණා.

මොන­වද ඔබ හොබ­වපු නිල­තල?

මම පටන් ගත්තෙ ග්‍රේඩ් තුන ඉංජි­නේ­රු­වෙක් විදි­හට. අවු­රුදු 9 ක් ගුවන් හමු­දා­වට සේවය කළ නිසා මට ඒ වසර 9 තුළම තන­තුරු මුකුත් ම ඉංජි­නේරු සංස්ථවේ දරන්න බැරි වුණා. පසුව ප්‍රධාන ඉංජි­නේරු, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී, සාමා­න්‍යා­ධි­කාරී තන­තුරු හෙබ­වූවා. සාමා­න්‍ය­යෙන් ඉංජි­නේරු සංස්ථා­වෙන් සිදු වුනු වැඩ වලදී අපි බොහෝ­විට සිදු කළේ යකඩ වැඩ, වේලි ගේට්ටු, බිල්ඩින් වගේ දේවල් තමයි හැදුවේ. ඒවා­යින් එච්චර අපේ නම් එළි­යට ගියේ නැහැ. නමුත් ආර්. ප්‍රේම­දාස ජනා­ධි­පති තුමා විවිධ දේවල් රටේ ඉදි­ක­රන්න පටන් ගත්තා. ඒ යටතේ කවු­රු­වත් කරන්න බැහැ කියලා අත්හැර දාපු වැඩ සමූ­හ­යක් මම කළා.

ඉන් එකක් තමයි, මාලි­ගා­විල බුදු පිළි­මය ඔස­වපු එක. අනෙක ඛෙත්තා­රා­මෙට රාත්‍රී කාලයේ ක්‍රිකට් ගහන්න ලයිට් කණු සිට­වපු එක. මේ වගේ බොහෝ දේවල් මම කළා.

ඛෙත්තා­රාම ක්‍රීඩාං­ග­ණ­යට ලයිට් කණු සිට­වීම පහසු වුණා ද?

ඛෙත්තා­රාම ක්‍රීඩාං­ග­ණ­යට ලයිට් දාලා දෙන එක භාර වුණේ මට. මොකද ප්‍රේම­දාස මහ­ත්ත­යට අවශ්‍ය වුණා රෑට ලයිට් දාලා ක්‍රිකට් ගහන්න. මේ කතාව මට ඇහුණු වෙලාවෙ හිතුණා මේ මොන පිස්සු වැඩක් ද කියලා. ඒ කාලෙ ලෝකෙ ම රාත්‍රි­යට ක්‍රිකට් ගහන්න පුළු­වන් ස්ටේඩි­යම් තුනයි තිබුණේ. ඒ ඔස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත් විත­රයි. මේ අත­රින් හොඳ ම ක්‍රිකට් ස්ටේඩි­යම් එක වුණේ පර්ත්. ඉතින් පර්ත්ව­ලට ගිහින් ඒ ගැන ‍හොයා බලලා ඇවිත් මෙහෙ වැඩේ පටන් ගත්තා. ඒ කාලෙ අද වගේ නෙමෙයි කැම­රා­වල සංවේ­දී­තා­වය අඩුයි. ඉතින් කැම­රා­වට හොඳට බෝලය පේන්න ලයිට් අව­ශ්‍යයි. කැම­රාව zoom කළා ම හොඳට බෝලය දිස්වෙන්න ඕ‍න. මේ විදි­හට අපි ක්‍රීඩාං­ග­ණය ඩිස­යින් කරලා අඩි 200 ක් උස කණු 6 ක් ප්‍රංශ­යෙන් ගෙනල්ලා එක කණු­ව­කට ලයිට් අනූ අටක් දාලා තමයි කණු ගැහුවේ. කණු ගහන්න හරි ම අමා­රුයි. මොකද යටට යන්න යන්න මඩ.

ඉස්සර ඛෙත්තා­රාමෙ කුණු ගොඩක්. මෙයට උඩින් පස් දාලා තමයි ක්‍රීඩාං­ග­ණය ගැහුවේ. මේ හැම­දේට ම ප්‍රේම­දාස මහ­ත්තයා අපිට මාස 6 ක් වගේ කාල­යක් තමයි දුන්නේ. මට ඔහු කිව්වා “මං ළඟ මිලි­යන පන­හක් තියෙ­නවා. මේකට දෙන්නම්. හැබැයි ඒ මිලි­යන පනහ යොදවා මෙය කරන්නේ නැති නම් මම කිලි­නො­ච්චියේ ඉඳල යාප­න­යට වතුර මේ මුද­ලින් ලබා දෙනවා” කියලා. අද මට හිතෙ­නවා එදා එතු­මට මේ වැඩේ කරන්න දුන්න­නම් කොච්චර හොඳ ද කියලා. මොකද අද මිලි­යන 5000 කින් වත් ඒ වැඩේ කරන්න පුළු­වන් ද කියලා හිතන්න බැහැ. මේ කණු සකස් කරත්දී ක්‍රීඩාං­ග­ණයේ ක්‍රිකට් පිච් එකට හෙව­ණැල්ල නොවැ­ටෙන්න ලයිට් කණු සවි කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා මට ලොකු සහ­යක් දුන්නා ආචාර්ය නලින් ද සිල්වා. අද­ටත් දවසේ පැය විසි­හ­තර පුරා ම ග්‍රවුන්ඩ් එකේ පිච් එකට ලයිට් කණු­වල හෙව­ණැල්ල වැටෙන්නේ නැහැ. මේ කාර්ය­යෙන් පසුව මාව මිනිස්සු හඳු­න්වන්න පටන් ගත්තේ ‘කණු ශූරි’ කිය­ලයි.

Keththarama-Stadium
විදුලි බුබුළු දැල්වෙමින් ඇති ඛෙත්තාරම ක්‍රීඩාංගනය…

මාලි­ගා­විල බුදු පිළි­මය ඔස­වන එකත් ඔබට ලොකු අභි­යෝ­ග­යක් වුණා නේද?

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ එක­සිය එක්වන සැමැ­රුම වෙනු­වෙන් තමයි මාලි­ගා­විල බුදු පිළි­මය ඔස­ව­න්නට ප්‍රේම­දාස මහ­ත්තයා තීර­ණය කළේ. කුල­සිංහ මහ­ත්තයා තමයි මෙය භාරව කට­යුතු කළේ. අපි උදව් වුණා. එය­ටත් ප්‍රේම­දාස මහ­ත්තයා කාලය ලබා දී තිබුණේ මාස 6 ක් පම­ණයි. ඉතින් මාස තුනක් ම ගත වුණා. මේ ගැන උන­න්දු­වක් කුල­සිංහ මහ­ත්ත­යාගෙ තිබුණෙ නැහැ. දව­සක් ප්‍රේම­දාස මහ­ත්තයා අපිට සාක­ච්ඡා­ව­කට කැ‍ඳෙව්වා. අපේ සභා­ප­ති­තුමා වුණේ එන්.ඩී. පීරිස් මහ­ත්තයා. ඔහු මේ ගැන කිසි ම දෙයක් දැන­ගෙන හිටියෙ නැහැ. ප්‍රේම­දාස මහ­ත්තයා අහන ප්‍රශ්න­ව­ලට මෙයාට ගොත ගැහෙ­නවා. කොහොම හරි සාක­ච්ඡා­වෙදි පීරිස් මහ­ත්ත­යට ප්‍රේම­දාස මහ­ත්තය මෙහෙම කිව්වා.

“ඇන්ඩි දොඹේ­ගොඩ බුදු පිළි­මය තවම උස්සලා නැහැ. ඕක කරන්න බැරි නම් ඔය ‘ඇස්ඊසී’ එක වහල දානවා” කියලා බැණ වැදුණා. මමත් හොඳට ම බය වුණා. මොකද ඒ වෙන­කො­ටත් එයින් සේව­කයො තුන් දාහක් පමණ ජීවත් වෙනවා. මම පීරිස් මහ­ත්ත­යගෙ කකුල පාගලා කිව්වා සර් මේක කර­නවා කියලා කියන්න කියලා. ඒක ඇහුණු ප්‍රේම­දාස මහ­ත්තය මගෙන් ඇහුවා මේක කරන්න පුළු­වන්ද කියලා. මම කිව්වා “පුළු­වන් සර්” කියලා.

දොඹේ­ගොඩ කැලේට ක්‍රේන් ගෙනි­යන්න බැහැ. අපි අපේ වර්ක් ෂොප් එකේ ම ක්‍රේන් එකක් හදා ගත්තා. අපි දැන් ඒ මඟින් බුදු පිළි­මය ඔස­වන්න උත්සාහ කරනා, කර­නවා, ඉස්සෙන්නෙ ම නැහැ. පස්සෙ කරන්න ම දෙයක් නැති තැන අපිත් එක්ක වැඩ කරපු මිනිස්සු හැම­දෙ­නාට ම කිව්වා මස් මාළු නොකා පේවෙලා තම තමන් අද­හන දෙවි­ව­රුන්ට බාර­හර වෙන්න කියලා. දැන් වැඩේට සුමාන දෙකක් ඉතුරු. බුදු­පි­ළිමෙ විවෘත කරන්න ප්‍රේම­දාස මහ­ත්තය ආරා­ධනා කාඩ්ප­තුත් මුද්‍ර­ණය කරලා. ඒත් බුදු පිළි­මය ඉස්සෙන‍්නේ නැහැ. මමත් දැන් හරිම දුකින් ඉන්නේ. මම හිතුවා දැන් සංස්ථාව වහන්න තමයි වෙන්නේ කියලා. මම එහි ලේකම්ට මගේ ඉල්ලා අස්වීමේ ලිපි­යත් බාර දුන්නා.

ඒ ඇවිත් නැවත පිළි­මය ඔස­වන්න අව­සන් උත්සා­හ­යත් දර­නවා කියලා හිතා­ගෙන කත­ර­ගම දෙවි­ය­න්ටත් භාර වුණා. ඉන්ප­සුව බුත්තල පාරේ තිබෙ­නවා කුඩා කෝවි­ලක්. එය­ටත් ස්තෝත්‍ර කියලා බාර වුණා. ඇවිත් මගේ සේව­ක­යින් එක්ක බුදු පිළි­මය ඔසො­වන්න කට­යුතු කළා. මෙන්න බොලේ මොන හාස්ක­මක් ද දන්නෙ නැහැ ටික ටික පිළි­මය එස­වෙන්න පටන් ගත්තා. අන්තිම දවසේ හවස තුනට විතර ප්‍රේම­දාස මහ­ත්ත­යත් එතැ­නට ඇවිත් අපිත් එක්ක පිළි­මය කෙළින් කරලා ඔසවා තැබුවා. එය කවන්ද පිළි­ම­යක්. මෙයට එතුමා මල් මාල­යක් දාලා බැන්දා. එදාට පසු­වදා එතු­මට එරෙ­හිව විශ්වා­ස­භං­ග­යක් ගෙන ආවා. කව­න්ද­යට වැන්ද නිසා තමයි මේ දේ වුණේ කියලා මිනිස්සු කතා වෙන්න ගත්තා.

මෙයින් පසුව එතුමා හිතුවා බුදු පිළි­ම­යට ඔළුව දවස් හත­රක් ඇතු­ළත සවි කරන්න ඕනැ කියල. ඉතින් බුදු පිළි­ම­යත් සුදු යකඩ තීරු බස්ස­ව­මින් උප­රි­ම­යෙන් අපි සවි­කළා. එදාට පසුව දා එතුමා විශ්වාස භංගය දිනුවා. ඔන්න ඔය විදි­හට තමයි බිම වැටී තිබුණු මාලි­ගා­විල බුදු පිළි­මය එස වුණේ.‍ මේ අතර තවත් දෙයක් එතැන සිදු වුණා.

ඒ කාලෙ එල් ටී ටී ඊ එක යුද්ධ කරන කාලෙ S T F එකේ ආර­ක්ෂාව පිටයි මේ කට­යුතු සිදු වුණේ. බුදු පිළි­මය ඔස­වන විට තවත් බාධා­වක් අපිට තිබුණා. ඒ තමයි විශාල කළු මැදි­රිය ගහක් එතැන තිබීම. විශාල වැස්ස­කුත් සුල­ඟ­කුත් ඇවිත් ඒ ගස පෙර­ළා­ගෙන ගියා. එය ඇත්තට ම ආශ්ච­ර්ය­යක් වුණා.

Maligavila
ප්‍රතිසංස්කරණය කර නගා සිටුවීමෙන් පසු අනන්ත වන්දනාවට පාත්‍රවන මාලිගාවිල ප්‍රතිමා වහන්සේ…


ඔබ අතින් තවත් බෞද්ධ ස්ථාන බොහො­ම­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය වුණා?

ඔව්. මිරි­ස­වැ­ටිය, ජේත­ව­නය, අභ­ය­ගි­රිය, තිස්ස­ම­හා­රා­මය වගේ බොහෝ සිද්ධ­ස්තාන මම නැවත ගොඩ­නැ­ගුවා. ජේ. ආර්. ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­තුමා මිරි­ස­වැ­ටිය විවෘත කර­න්නට ගිය මොහොතේ එය කොටස් දහ අට­කට කඩා­ගෙන වැටුණා. පසුව මෙය ආණ්ඩුවෙ මුදල් සත­ය­ක්වත් නොයොදා මිනි­සුන්ගේ මුද­ල්ව­ලින් ගොඩ­න­ඟන්න තීර­ණය වුණා. මිරි­ස­වැ­ටිය වටේට පිංකැට දාලා මුදල් එකතු කළා. ඇත්ත­ටම මිනිස්සු හරි­යට සල්ලි දුන්නා මෙයට. අපි මිරි­ස­වැ­ටිය ගොඩ නඟ­න්නට පටන් ගත්තා. ඒත් එය හරි­ය­න්නෙම නැහැ. චෛත්‍යය බඳි­න්නට ගන්න ගඩොල් කැට වතු­රට තෙමුණු ගමන් කුඩු වෙලා යනවා. අනෙක ඒ ගඩො­ල්වල ප්‍රමි­ති­යක් තිබු­ණෙත් නැහැ. පස්සෙ ප්‍රේම­දාස මහ­ත්තයා අපිට කිව්වා හරි ප්‍රමි­ති­යට ගලක් හදන්න කියලා. අන්ති­මට ඉන්දි­යා­වට දෙන්නෙක් යවලා හරි ප්‍රමි­ති­යට ගඩොල් නිප­ද­වන තාක්ෂ­ණය මෙහෙට ගෙන ආවා. ඒ විදි­හට ගඩොල් පුච්චලා මිරි­ස­වැ­ටිය ගොඩ­න­ගන්න හද­නවා. ඒත් පෙර වගේ­මයි. විවිධ බාධා එනවා. අනෙක ප්‍රේම­දාස මහ­ත්ත­යට මම දවස ගාණේ මේ ගොඩ­නැ­ගීම ගැන වාර්තා­වක් හදල අරින්න ඕන. ඒ කාලේ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­තු­මාගේ උප­දේ­ශක හිමි­න­ම­කට උන්ව­හන්සේ බුරු­මෙට වැඩි වෙලා­ව­කදි හමු වූ භාව­නා­යෝගී හාමු­දු­රු­න­මක් පවසා තිබුණා මිරි­ස­වැ­ටිය මීට­පෙ­රත් ගොඩ­න­ගන්න ගියාට බැරි වුණු බව. ඒ මෙත­නට අරක් ගත්ත යක්කු ඉන්න නිසා බව. මිරි­ස­වැ­ටිය යළි ගොඩ නඟන්න ඕන නම් මේ යක්කු ටික වෙන තැන­කට යවන්න ඕනැ කියලා. ඒ වෙනු­වෙන් මිරි­ස­වැ­ටිය චෛත්‍යයේ හතර කොන් තෝරලා එහි එක් තැනක පැය දොළ­හක් ඇතු­ළත ස්තූප­යක් ගොඩ­න­ගලා එයට මේ යකුන් යවන්න ඕන කිය­ලයි කිව්වේ. ඉතින් බැරිම තැන මම ප්‍රේම­දාස මහ­ත්ත­යට කිව්වා සර් මේ දේ අපි කරල බලමු කියලා. එතු­මත් කැමැති වුණා. සාමා­න්‍ය­යෙන් පුරා­විද්‍යා එකෙන් ආවට ගියාට ස්තූප හදන්න දෙන්නෙ නැහැ. ඒ බව හාමු­දු­රු­වන්ට කීවි­ටම හාමු­දු­රුවො කිව්වේ හතර කොනේ බලන්න එවිට යම් සාධ­ක­යක් හමු­වේවි කිය­ලයි. ඒත් කොහෙ හොය­න්නද මිරි­ස­වැ­ටියෙ කඩා­ගෙන වැටුණු ගඩොල් හැම තැනම. කොහොම හරි ‍අඩි පහ­ළො­වක ස්තූප­යක් හද­න්නට පටන් ගත්තා. එයට ධාතූ­න්ව­හන්සේ නමක් පූජා කළේ එව­කට සිටි දාන­පති යුව­ළක් වූ ඩී.පී ජය­සිංහ යුවළ. පාන්දර පහට පටන් ගෙන හවස පහ වෙන කොට වැඩ නිම කර කොත පැළැ­න්දුවා. යකුන් ටිකට එයට යන්න කිව්වා. විශ්වාස කරන්න එයින් පසුව කිසිම බාධා­වක් නැතුව දඩි­බිඩි ගාලා මිරි­ස­වැ­ටියේ වැඩ නිම කළා.

මීට අම­ත­රව දළදා මාලි­ගාවේ රන්ව­හල, රන්වැට වගේ ම නෙළුම් පොකුණ රඟ­හල හද­න්නත් මගේ දාය­ක­ත්වය මම ලබා දුන්නා. එදා මම කරපු ‍දේවල්වල බොහෝ දේ සැක­සුවේ මෙරට දීම තමයි. පිට­ර­ට­ව­ලින් මිලි­යන ගණන් දේවල් ගෙන එන්නට ඉඩ දුන්නේ නැහැ. බැරි ම දෙයක් ‍මිසක මෙරට නිප­දවා ගන්න පුළු­වන් හැම දේම මෙර­ට­දීම මම නිෂ්පා­ද­නය කර­ගෙන යොදවා ගත්තා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Dalada-Maligawa
දුරින් බබළන දළදා මාලිගාවේ රන් වියන

මිහි­න්තලේ ස්තූපයේ කොත පැළැ­න්දු­වේ ඔබ?

එයත් හරි ආස්වා­ද­ජ­නක කතා­වක්. මිහි­න්තලේ ස්තූඵය හදලා එයට කොත පැලැන්­දුවේ 77 රජය බල­යට පත් වුණා­මයි. ඒ වෙන­කොට ගුවන් හමු­දා­වට තිබුණා ඇන්ජින් දෙකේ හෙලි කොප්ටර් එකක්. එයින් බර ඔස­වන්න පුළු­වන්. අපි හදපු කොත කෑලි­ව­ලට ගල­වන්න පුළු­වන්. මේ කොත ටොන් එක­හ­මා­රක් පමණ බරයි. කෑලි කෑලි ගල­වලා ගුව­නින් රැගෙන ගිහින් තමයි කොත පැලැ­න්දුවේ. මට ම තමයි එය සිදු කර­න්නට වුණේ. කොහොම හරි ලංකාවේ පළමු වතා­වට තමයි ගුව­නින් ඒ විදි­හට හෙලි­කො­ප්ට­ර­ය­කින් ගිහිල්ලා කොතක් පැලැ­න්දුවේ.

සිත්මල් යාය
Silumina

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙද සේවයට ජනපති සැලකූ සැලකිල්ල අතුරු වෛද්‍ය සේවා පාරට බස්සවයි… අද සිට වර්ජන ඇරඹේ..

Next Post

ඉම්රාන් කෙනෙක් ලංකාවෙනුත් බිහිවන බවට අර්ජුන රණතුංගගෙන් ඉඟියක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.