දිනසේන රතුගමගේ –
මියන්මාර් ජාතිකයින් 104 දෙනෙකු නීති විරෝධී ලෙස ප්‍රවාහනය කල බෝට්ටුව පැද වූ පුද්ගලයා යළි ජනවාරී මස 16 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනයේ මල්ලාකම් මහේස්ත්‍රාත්වරිය වන ගායත්‍රී සෙල්වන් අද ( 5 ) නියෝග කළාය.
මියන්මාරයේ සිට පුද්ගලයින් 104 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී ඒ බෝට්ටුව අනතුරට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණඩායමක් විසින් එම පිරිස පසුගිය දෙසැම්බර් මස 18 වෙනිදා බේරාගෙන කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලදී.
අනතුරුව ඔවුන් කන්කසන්තුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බෝට්ටුව පැද වූ දෙමළ ජාතිකයා යාපනය බන්ධනාගරයේ රඳවා තබන ලෙසත් මියන්මාර් ජාතිකයින් 104 දෙනා මිරිහාන රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලෙසත් නියෝග කෙරුණි.
මෙම මියන්මාර් ජාතිකයින් 104 දෙනා මියන්මාරයෙන් පිටුවහල් කිරීමෙන් පසුව බෝට්ටුවක ආධාරයෙන් ඉන්දුනිසියාව බලා යාමට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ බෝට්ටුව අනතුරට පත්ව තිබුණි







