සූරියවැව නුවන් ජයසේකර –
අම්බලන්තොට කොක්ගල්ලේදී මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බව කියන කිරින්ද පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරියකු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට.
අම්බලන්තොට කොක්ගල්ලේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කළ පුද්ගලයෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනා මත කිරින්ඳ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරිය නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකු හා ඔහුගේ බිරිඳ තංගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිසියට බාර දී තිබේ.
ඊයේ ( 16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම කිරින්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නියුතු හක්මන, නරවැල්පිට, මාන්නහේන පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා ඔහුගේ බිරිඳය.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හා ඔහුගේ බිරිය විසින් පසුගිය 22 දින අම්බලන්තොට කොග්ගල්ලේදි ටී.ජී.රොෂාන් නැමති අයව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව චෝදනා ලැබ සිටින අම්බලන්තට උතුරු කඩවර පදිංචි සුපුන් මදුශංක නොහොත් කඩවර ඉෂාර නැමැති අයට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දී තිබේ.
පසුගිය 22දින සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසා විමර්ශන සිදු කළ නිලධාරීන්ට සැකකරු අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පවරා තිබුණි. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාල සැකකරු හක්මන ප්‍රදේශයේ සැඟව සිටින බවය.
ඒ අනුව වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ මනුෂ්‍ය ඝාතනයට තැත් කළ සැකකරු කිරින්ඳ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසේ සැඟව සිට ඇති බවයි.
ඒ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හා ඔහුගේ බිරිය තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානයට භාරදීී තිබේ.
එහිදී අම්බලන්තර පොලිස් නිලධාරීන් විසින් සැකකරුගෙන් හා ඔහුගේ බිරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී තොරතුරු රැසක් ද අනාවරණය කරගෙන තිබේ.
සැකකරු හා සැකකාරිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







