මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව මින්නේරිය යුධ හමුදා කඳවුර ආසන්නයේ අද (01) සවස 5.30 ට පමණ පෞද්ගලික බස් දෙකක් මුහුණට මුහුණ, ගැටී සිදුවූ අනතුරෙන් රියැදුරු ඇතුළු දෙදෙනකු මියගොස් විසි දෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

කොළඹ සිට කදුරුවෙල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක්, කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

අනතුරට හේතුව නොසැලකිලිමත් හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම බවද පොලිසිය පවසයි.
තුවාලකරුවන්ගෙන් 16 දෙනෙකු හිඟුරක්ගොඩ රෝහලේත් තවත් සිව්දෙනකු පොළොන්නරුව රෝහලේත් ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි මින්නේරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







