ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු පුද්ගලයෙකුට පහරදීම ගැන විමර්ශන ආරම්භවී ඇත.
මෙතෙක් එම විමර්ශන ප්‍රමාදවී ඇත්තේ මෙම සිදුවීම ගොඩින් විසඳීමට යම් උත්සහයක් ගෙන තිබීම නිසා බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ඒ වෙනුවෙන් වියත්මගේ ඇමතිවරයෙක්ද මැදිහත්වී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයාව සමාදාන කිරීමට ඔහු දැඩි උත්සහයක් ගෙන ඇති බවද සඳහන්ය.
මඩකලපුවේදී යතුරුපැදිකරුවෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරමින් වැඩ තහනම් කිරීමට දැක්වූ තරමේවත් උනන්දුවක් පොලීසිය මෙම පහරදීම සම්බන්ධයෙන් රන්මල් කොඩිතුවක්කුට එරෙහිව නොගත්තේ ඔහුගේ ආරක්ෂාවට මෙම වියත්මග දේශපාලකයාගේ මැදිහත්වීමක් සිදුවූ නිසා බවද මේ වන විට පොලිස් මූලස්ථානයේ නිලධාරීන් අතර දැඩිව කතාබහක්ද පවතී.
කෙසේ වෙතත් මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් රත්නපුරයට ගොස් විමර්ශන කටයුතු ආරම්භකර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් කීය.







