බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදගම හිමි කී ලෙස අන්තර්වාර පාලනයකට කැමැත්ත පල කර නෑ… ජනපති නා හිමිවරුන්ට ඉවසන්න කියයි!

ජනපති ලේකම් කෙනෙක් අත මහ නා හිමිවරුන්ට යැවු ලිපිය මෙන්න...

by editor
අප්‍රේල් 25, 2022
in පුවත්
Asgiri-Malwathu
Share on FacebookShare on Twitter

සංඝ සම්මුතියක් සම්බන්ධව කරන ලද අනතුරු ඇඟවීමෙන් මහා නායක හිමිවරුන් වෙත බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා අතේ ලිපියක් එවමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් සඳහා සිය කැමැත්ත නොව රට ස්ථාවර කිරීමේ සැලසුම සාර්ථක කරගැනීම සඳහා ටික කාලයක් ලබා දෙන ලෙසට කරන දැන්වීමක් බව වාර්තා වේ.

එම ලේඛණයේ දක්වා ඇත්තේ  මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහා නායක හිමිවරුන් මැදිහත් වී යම් කිසි ක්‍රියාමාර්ගයක් යෝජනා කරන්නේ නම්  ඒ සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ දායකත්වය ලබා දෙන බවය.

තමන් කටයුතු කරන්නේ ව්‍යවස්ථාව අනුකූලව බවත්, ජනතා අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම ව්‍යවස්ථාව තුළින්ම සිදුකර ගත යුතු බවත් දන්වා සිටින ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් යෝජනා කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය  අහෝසි කරන්නේ පාර්ලිමේන්තුවෙන් බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් ඊට සහයෝගය දෙන බව කියා තිබේ.

වර්තමාන තත්ත්වය සමනය කිරිම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අමාත්‍ය ධුර ගනිමින් රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට උපකාර කරන ලෙස අවංකව කළ ආරාධනය දේශපාලන පක්ෂ පිළිනොගැනීම කණගාටුවට කරුණක් බව දක්වා ඇති ජනාධිපතිවරයා  අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රටක් පාලනය කළ නොහැකි නිසා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරගත් බව මහා නායක හිමිවරුන්ට දන්වා සිටී.

මුදල් ඇමතිවරයා ප්‍රමුඛ තමන් විසින්  පත්කළ විශේෂඥ කණ්ඩායම ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සොයන බවත්,  අමාත්‍ය මණ්ඩලය රටේ දැවෙන ගැටලු විසඳා නියමිත දිශානතියට රට රැගෙන ඒමේ වැඩසටහනක් දියත් කර ඇති බවත්, එහි  ප්‍රතිඵල එන තෙක් ටික කාලයක් ඉවසා වදාරන ලෙසත් ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන්ට ගෞරවෙයන් දන්වා ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එම ලිපිය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසභංගයේ දී ආණ්ඩුවට එරෙහිව අපි ඡන්දේ දෙනවා – ජීවන් තොන්ඩමන්

Next Post

මන්නාරමේ පොලිස් නිලධාරියෙක් සරණාගත භාවය ඉල්ලා පවුල පිටින් ඉන්දියාවට පලා ගිහින්… අද පැනපු ගණන 15ක්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.