බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණයක් ලබා ගැනීමට වීදි සටන් ආරම්භ කරනවා… විපක්ෂ නායක කියයි!

by editor
ඔක්තෝබර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා ඉල්ලුම අලුත් මැතිවරණයක් තුළින් අලුත් ආණ්ඩුවක් බවත්  ඒ සඳහා මැතිවරණයක් ලබා ගැනීමට නිදහස් සාමාකාමී ප්‍රජාතන්ත්‍රවාදී වීදී සටන් අරඹන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   පැවසුවේය.

මේ වනවිට සූදානම් කරමින් සිටින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජන මත විචාරණ පැවැත්වීම මැතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටියක්  බව  පැහැදිලි යැයිද යළිත් ජන රැල්ලක් නිර්මාණය වී ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක නොවන්නේ යැයිද විපක්ෂ නායකවරයා   කීවේය

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අද (12) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායක ප්‍රේමදාස  මේ බව පැවසුවේය.

එහදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලේ  පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කරන බව ජනපතිවරයා ප්‍රකාශ කර ඇතත්   ප්‍රශ්නය තිබෙන්නේ සභික සංඛ්‍යාව මත නොව පත්වූ අය ප්‍රශස්ත සේවයක් කරනවාද නැද්ද යන කාරණය මත බවය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කරුණු දක්වමින්   කීවේ  ශ්‍රී ලංකාව අඩු ආදායම් ලාභි රටක් ලෙස ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරන්නට යන බවත් ලෝකයේ කිසිදු රටක කැබිනට් මණ්ඩලයක් එලෙස ක්‍රියාකර නොමැති බවත්ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රටක් පවතින්නේ අඩු ආදායම් තත්ත්වයේදී මැදි ආදායම් තත්ත්වයේද නැතහොත් ඉහළ ආදායම් තත්ත්වයේද යන්න ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ශ්‍රේනිගත කිරීම් කරනු ලබන්නේ මූල්‍ය ආයතන මිස කැබිනට් මණ්ඩලය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය..

රට අඩු ආදායම් බව ලෝකයට ප්‍රකාශ කරන ආකාරයේ විහිළු සපයන ආණ්ඩුවක් දැන් රට තුළ ක්‍රියාත්මක බවත් රටක් ආර්ථික අතින් කඩාවැටී බංකොලොත් භාවයට පත්ව තිබියදී ජත්‍යන්තරයෙන් ලබාගත හැකි සහන ලබා ගැනීමටවත් වත්මන් ආණ්ඩුවට ප්‍රඥාව නොමැති බවත් හෙතෙම කීවේය.

ජනපති හා මහින්ද රාජපක්ෂ   ප්‍රමුඛ කණ්ඩායම එකට එකතුවීම සමගි ජනබලවේගයට අභියෝගයක් නොවූවත් ජනතාවගේ පැවැත්මට එය බරපතල අභියෝගයක් බවද ඔහු පැවසුවේය.

රට ආර්ථික අතින් අගාධයට ඇද දැමූ මෙම කණ්ඩායමේ දේශපාලන පණ හැරීමට ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නව ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍යය බවත් රට විනාශ කළ කණ්ඩායමට එවැනි ප්‍රතිසංස්කරණ කළ නොහැකි බවත් කී ඒ මහතා මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් යටතේ නව ප්‍රතිසංස්කරණ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

RMV පරිගණක පද්ධතියෙන් රිංගා සුඛෝපභෝගී වාහන 14ක් මුදා හැරලා… රජයට පාඩුව කෝටි 50ක්…

Next Post

කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන ඒම වහාම වළක්වන්න – ජනපති පොලිසියට කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.