බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑම වැලැක්වීම සදහාම බන්ධනාගාර තුළ ක්‍රියාත්මකවන හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායට අනුයුක්තව මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කළ බන්ධනාගාර නියාමකයෙක් හොරොයින්, අයිස් සහ දුම්කොල සහිතව අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව බොරැල්ල පොලිසිය පවසයි.
මෙම නියාමක සතුව හෙරොයින් මිලිග්‍රෑම් 16,112 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12924ක්, දුම්කොළ මිලිග්‍රෑම් 73855 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑම වැලැක්වීම සඳහාම පිහිටුවා ඇති හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායට අනුයුක්ත බන්ධනාගාර නියාමකයෙක් මත්ද්‍රව්‍ය සහිතව බන්ධනාගාරය තුළ දී අත් අඩංගුවට ගැනීම විශේෂ තත්ත්වයක් බව පොලිසිය පෙන්වා දෙයි.







