කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 323ක් සමග අද අළුයම කටුනායක ගුවන් තොටුපල පැමිනීමේ පර්යන්තයේ දී විදේශීය ජාතිකයෙක් අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ගුවන් තොටුපල රේගු ඒකකය එක්ව කළ වැටලීමක දී හැකි වී තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ඉතාලි ජාතිකයෙකි.
සැකකරු කරල් ලෙස සකස් කළ කොකේන් කරල් “ටෙඩි බෙයාර්” බෝනිකන් තුන් දෙනෙකුගේ සඟවා රට තුළට රැගෙන එන්නට උත්සා කරද්දී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. පහත දැක්වෙන්නේ එම ටෙඩී බෙයාර් සෙල්ලම් බඩු තුළ කොකේන් සඟවා තිබූ ආකාරයයි.







