ජපන් අධාර වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ කොළඹ මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිදු සාධාරණ හේතුවකින් තොරව ඒක පාර්ශවිකව අවලංගු කිරීම සම්බන්ධයෙන් ජයිකා ආයතනය සහ එම ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම සමාගම් ඇතුළුව සමස්ථ ජපන් රජයම දැඩි කම්පනයට පත් වූ බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි ප්‍රකාශ කරයි.
අත්හිටුවීම සහ අවලංගු කිරීම දෙක්ක බවත් මෙම අතාර්කික අවලංගු කිරීම හේතුවෙන් ජපානය ශ්‍රී ලංකාව කෙරෙහි තැබූ විශ්වාසය සම්පූර්ණයෙන් නැති වුන බවත් කියන තානාපතිවරයා පෙන්වා දුන්නේ ජපානය වැනි රටක් සමග ඇතිකරගත් සාධනීය සංවර්ධන ව්‍යාපෘතියක් එක්වරම ඒක පාර්ශවිකය අවලංගු කිරීමෙන් මුලු ලෝකයේම අප්‍රසාදයට ලංකාව ඉලක්ක වු බවය.
මෙම තීන්දුවෙන් දැඩිම පීඩාවට පත් වූයේ ඒ වනවිට ශ්‍රී ලංකාවේ සිටි ජපන් තානාපතිවරයා බව කී ඔහු ඉන් පසු ජපන් රජයෙන් කිසිම සහයෝගයක් ලබා ගැනීමට තානාපතිවරයාට නොහැකි වූ බව හෙළි කළේය.
ඒ තත්ත්වය යම් තරමකින් හෝ මිදී පලුදු වුන තැන් යන්තම් පෑහෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් අනතුරුව ජපානයෙන් රටක් ලෙස සමාව ඉල්ලා ඉදිරි ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටි පසුව යැයි තනාපතිවරයා පැහැදිලි කළේය.
ඔහු පවසන්නේ මෙම පුදුම සහගත තීන්දුවට පැහැදිලි හේතුවක් කිව නොහැකි බවය. “නමුත් ලංකාවේ දේශපාලකයින් මෙවැනි ව්‍යාපෘති වලට බාධා කරන්නේ තමන්ගේ පෞද්ගලික වාසි බලාගෙන කියලා තානාපතිවරයා පැවසුවේය.
ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩ සටහනත් සමග ජපානය මේ වනවිට අත් හිටවු ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කළත් අත්හිටුවීම සහ අවලංගු කිරීම දෙක්ක බැවින් අවලංගු කළ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථා නැති බව තානාපති මිසුකොෂි හිදෙඅකි කීවේය.
“අවලංගු කළ ව්‍යාපෘති නැවත පටන් ගන්නවා නම් ශ්‍රි ලංකා රජය නියමිත විදිහට ඉල්ලීමක් සිදුකරන්න වේවි. එතකෙට ජපානය සලකා බලාවි මේ ව්‍යාපෘති යළි පටන් ගන්නවද කියන එක.” ඔහු ප්‍රකාශ කළේය.







