බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස ගණනක් සැලසුම් කර පාසල තුළ 09ක් වෙඩි තබා මරා දැමූ සර්බියාවේ පුංචි ඝාතකයා… අවුරුදු 13යි… තවම 7 ශ්‍රේණියේ…

තුවාල ලැබූ 7 දෙනාගෙන් එක් දැරියකට අතිශය බරපතලයි... ඇය ජීවත් වෙයිදැයි සැකයි...

by editor
මැයි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සර්බියාවේ  අගනුවර බෙල්ග්‍රේඩ්ය. එහි Vračar  ප්‍රදේශයේ  සුප්‍රසිද්ධ පාසලක් තිබෙන්නේය. පාසල  Vladislav Ribnikar Elementary School ය. ඒ මාරක දිනය  ඊයේ (03)ය.

උදෑසන පාසල ආරම්භ වූවා පමණි.  පාසලේ හත ශ්‍රේණියේ  13 හැවිරිදි පොඩි එකේක සිය පාසල් බෑගයෙන් ගිනි අවියක් ගත්තේය. මුලින්ම ඔහු යන්නේ පාසලේ ආරක්ෂක නිලධාරියා අසලටය.  මුලින්ම මේ කුඩා මිනීමරුවා ආරක්ෂක නිලධාරියාව ඝාතනය කරන්නේය.

ඉන් අනතුරුව ඔහු පන්තියට ගොස් තෝර තොරා පිරිසකට වෙඩි තියන්නේය. වෙඩි තියා මරා දමන්නේය. ළමා ඝාතකයා ආරක්ෂක නිලධාරියා ඇතුළු 09ක් ඝාතනය කර තිබිණි.  ඝාතනය වූ ළමුන් අතර ගැහැණු ළමයින් හත් දෙනෙකු සහ එක් පිරිමි ළමයෙකු වූ    බව බෙල්ග්‍රේඩ් පොලිස් ප්‍රධානී Veselin Milić මාධ්‍යයට කීවේය. ප්‍රංශ ජාතික ශිෂ්‍යාවක් ද මිය ගිය සිසුවියන් අතර විය.

තවත් 7 දෙනෙක් තුවාල ලබා තිබිණි. සයිබීරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කීවේ   ඒ අතර පාසල් දරු දැරියන්  හය දෙනෙකු සහ එක් ගුරුවරයෙක වූ බවය.  රෝහල්ගත කර ඇති දැරියන් අතර  හිසට හා ගෙලට වෙඩි වැදුණු දැරියක් මේ මොහොතවනවිටත් ඉතා අසාධ්‍යව පණ අදිමිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඝාතකයා වෙඩි තැබීමෙන් අනතුරුව පාසල් මිදුලට පැමිණ ඔහුම පොලිසියට දුරකථන ඇමතුමක් දි තමන් කළ ඝාතනය ගැන දන්වා  තමන් අත්අඩංගුවට ගැනීමට පොලිිසය එන තුරු බලාගෙන ඉඳ තිබිණි.

වෙඩික්කරුවා යැයි කියනු ලබන ළමා මිනීමරුවා පොලිිසිය විසින් පාසල් භූමියේ දී අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන ආවේය.  ඔහුගේ හිසට උඩින් ජැකට් එකක් දමා මුහුණ ආවරණය කර තිබිණි.  නිල් පැහැති,  ඩෙනිම් කලිසමක් ඔහු ඇඳ සිටියේය.     පොලිස් නිලධාරීන් දෙපළක් මැද හිඳවාගෙන    පොලිස් මෝටර් රථයකින් ඔහුව රැගෙන යනු ලැබුවේය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දේශීය වේලාවෙන් පෙරවරු 8.40 ට (පෙ.ව. 2.40 ET) සිද්ධිය පිළිබඳව තමන්ට පැවසූ බවයි.

“පවතින සියලුම පොලිස් මුර සංචාර එම ස්ථානයට යවා ඇති අතර, ඔවුන් වහාම පාසල් ක්‍රීඩාංගණයට ගොස් තම පියාගේ තුවක්කුවෙන් සිසුන්ට සහ පාසල් ආරක්ෂක නිලධාරියාට වෙඩි තැබූ බවට සැක කරන හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කරුවෙකු අත්අඩංගුවට ගත්හ. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කීවේය. .

ඝාතන සැලසුම

මූලික විමර්ශන ආරම්භ කළ අවස්ථාවේදීම නිලධාරීන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූයේය. ඔවුන් හෙළි කළේ මේ කුඩා ඝාතකයා මේ ඝාතනය සිදුකර ඇත්තේ සැලසුමකට බවය.  ඝාතනය සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ වූ ලියැවිල්ලක්  පොලිස් ප්‍රධානී  මිලිච් මාධ්‍යයට හෙළි කළේය. එම සටහන පොඩිවී ගිය කොලයක ලියා තිබිණි.

“සැකකරු ඉතිහාස පන්ති කාමරයක් තුළදී වෙඩි තැබීම තෝරාගන්න හේතුවක් තිබුණා. එම පන්ති කාමරය තිබෙන්නේ පාසලේ දොරටුව අසල… වෙඩි තැබීමෙන් පසු ඔහුම පොලිසියට කතා කළා.”   ඔවුහු පැවසූහ.

සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Bratislav Gasic පවසන පරිදි, පිරිමි ළමයා නිවසින් තුවක්කු දෙකක් රැගෙන විත් ඇත. “දෙමව්පියන් ළඟ ඇති  ආයුධ කොටස්වලට වෙන් කරලා සේප්පුවක තැන්පත් කරලා තිබිලා තිබෙන්නේ. ඔහු එම ගිනි අවි තැන්පත් කරලා තිබුණ සේප්පුවේ කේතය දැනගෙන ඉඳලා තියනවා. කොටස් කළ ගිනි අවි සකසා ගන්නා අයුරුත් ඔහු දැනගෙන ඉඳලා තියනවා.   උන්ඩ 15 බැගින් වූ රැඳවුම් තුනක් ඔහු සතුව තිබිලා. “ ඔහු කීවේය.

පොලිස් ප්‍රධානියා වන මිලිච් පැවසුවේ පිරිමි ළමයාගේ බෑගයේ  මිලිමීටර් 9 පිස්තෝලයක් සහ කුඩා කැලිබර් පිස්තෝලයක් මෙන්ම පෙට්‍රල් බෝම්බ හතරක් තිබූ බවය.

මව් පියන් ද අත් අඩංගුවට….

සර්බියානු නිලධාරීන්ට අනුව සැකකරුගේ පියා සහ මව ද අත්අඩංගුවට ගෙන තිබේ. , පියා මීට පෙර තම පුතා සමඟ වෙඩි පිටියට ගොස් ඇත.    ඔහු දරුවා පිටියට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ වයස අවුරුදු    14ක් බව ව්‍යාජ ලෙස සටහන් කරමිනි.

“සාමාන්‍ය ආරක්‍ෂාවට එරෙහි බරපතල  සාපරාධී අපරාධමය  වරදක් සිදු කළ බවට සැක පිට  මෙම  පියා පැය 48ක් දක්වා රඳවා තබා ගැනීමට අධිකරණය  නියෝග කර තිබේ.

13 හැවිරිදි සැකකරු විශේෂ මනෝචිකිත්සක ආයතනයකට ඇතුළත් කරන බව සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව  සැකකරු පසුතැවිලි නොවූ බවය.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පිරිමි ළමයා මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍යවල බලපෑමට ලක්ව සිටියේද යන්න තීරණය කිරීම සඳහා විෂ විද්‍යාත්මක විශ්ලේෂණයකට   ඔහුගේ රුධිරය ලබා ගෙන ඇත.

මෙම නඩුවේ සියලු තත්වයන් පුලුල් ලෙස විමර්ශනය වෙනවා.  ඔහුට තුවක්කුව ලැබුණේ කෙසේද, එමෙන්ම මෙවැනි  සාහසික අපරාධ  චේතනාවන්  ඇතිවූයේ කෙසේ ද? යන්න පිළිබඳව  විමර්ශනය කරමින් පවතින බව විමර්ශන අංශ කීවේය. .

 දුර්ලභ සිදුවීමක්

වෙඩි තැබීමෙන් රට වෙව්ලද්දී, සර්බියානු ජනාධිපති වුසික් බදාදා මාධ්‍ය හමුවකදී යෝජනා කළේ රටේ අපරාධ වගකීම් වයස අඩු කිරීම ගැන රජය සලකා බලන බවය.

“බාලවයස්කාර අපරාධකරුවන් පිළිබඳ වත්මන් නීතියේ සඳහන් වන්නේ අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා බාලවයස්කරුවන් අවම වශයෙන් අවුරුදු 14 ක් වත් විය යුතු බවයි,   වයස අවුරුදු 12 දක්වා අඩු කළ යුතු බව යෝජනා කරනවා..” ජනාධිපතිවරයා කීවේය.

ඔහු තම කීවේ  “වර්තමානයේ ළමයින් වැඩිහිටි බවට පත්වෙමින් සිටින්නේ නියමිත  කාලයට පෙරයි” ලෙසය.

ඒ සඳහා  රජයට ගෞරවනීය නීතීඥවරුන් සහ ජාත්‍යන්තර නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇති බවයි.

“මෙම පිරිමි ළමයා තමාට නඩු පවරන්නේ නැති බව දැනගෙන සිටි බවට නිලධාරීන් සැක කරනවා…” ජනාධිපති වූසික් කිවේය., සෑම මාස හයකට වරක් පාසල්වල අනිවාර්ය මත්ද්‍රව්‍ය  විමර්ශන පරීක්ෂණ යෝජනා කළ බවත්, පාසල්වල තවත් පොලිස් නිලධාරීන් යෙදවීමට  රජය කටයුතු කරන බවත්  ජනාධිපතිවරයා පොරොන්දු වුනේය. වැඩිදුරටත් පැවසීය.

1990 ගණන්වල කොසෝවෝ සමඟ ඇති වූ ගැටුමෙන් පසු සර්බියාවට තුවක්කු හිමිකම ඉහළ මට්ටමක වූයේය.  2018 අධ්‍යයනයකින් හෙළි වූයේ රට ලෝකයේ තුන්වන ඉහළම තුවක්කු හිමිකාරීත්වය ඇති රට බවත් එය දෙවැනි වන්නේ     එක්සත් ජනපදය හා යේමනයට පමණක් බවත්ය.

නමුත් රට තුළ දැඩි තුවක්කු සම්බන්ධව දැඩි නීති පද්ධයතියක් පවතින්නේය.   රොයිටර් පුවත් සේවය පවසන්නේ  සමූහ වෙඩි තැබීම් සාපේක්ෂව දුර්ලභ බවය.  මේ සිදුවීම මේ වනවිට සර්බියාව පමණක් නොව ලෝකයම කම්පනය කර ඇත. අද සර්බියාවේ ශෝක දිනයකි.

ඉක්මනින් ලොකුවුන පොඩි එකෙක් කළ මහා විනාශය ලෝකයටම අලුතින් හිතන්නට යමක් ඉදිරිප්ත කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධර්මයේ උතුම් ගුණ බබළන බුද්ධාලම්භන ප්‍රීතියෙන් සමාජය සැරසෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා!… කාදිනල් හිමියෝ ප්‍රාර්ථනා කරති…

Next Post

ඔලිම්පික් පදක්කම් ලාභි ලෝක සම්භාවනාවට පත් ඇමරිකානු මළළ ක්‍රීඩිකා ටොරී බෝවිගේ නරක් වූ සිරුර නිවසේ තිබී හමුවෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.