ලලිත් චාමින්ද –
මෙරට 2022 ජනවාරි මස සිට 2023 මැයි දක්වා මාස 17 තුළ දී සෘජු හා වක්‍ර හේතුන් මත මාතෘ මරණ 119ක් සිදුවි ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්ය සාධන හා ප්‍රගති වාර්තාවේ සදහන් වේ.
මෙම මාතෘ මරණ ක්ෂේත්‍ර හා ආයතනික මට්ටමින් ඉතා සුපරික්ෂාකාරිව විමර්ශනය කර එක් එක් සිද්ධියට අදාළ තත්වයන් පිළිබද පුළුල් අවබෝධයක් ලබා ගැනිමට ක්‍රියාකොට ඇති බව මෙම වාර්තාව මගින් පෙන්වා දි ඇත.
මාතෘ මරණ පිළිබද නිරික්ෂණ හා විමර්ශන තවදුරටත් ශක්තිමත් කිරීම සදහා බස්නාහිර හා දකුණු පළාත්වල නියමු ව්‍යාපෘතියක් ලෙස මාතෘ මරණ පිළිබද රහස් පරීක්ෂණ ක්‍රමයක් හදුන්වා දි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
මෙරට මාතෘ මරණ අනුපාතය අඩු කිරිම සඳහා මෙරට සියලුම රෝහල්වල මාතෘ හා ප්‍රසව මරණ නිරික්ෂණ සහ ප්‍රතිචාර කමිටු පිහිටුවා ඇත.







