පොහොට්ටුවේ වෘත්තීය සමිති නවීකරණය කිරීමත් ඉදිරියේ දී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙ දී වෘත්තීය සමිති ක්‍රියා කළ යුතු ආකාරය ගැනත් පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. ශ්‍රිලංකා පොදුජන පෙරමුණත් අලුතින් සිතීමට කාලය එළඹ ඇතිබව කී නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසුවේය.
“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වුන පක්ෂ විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ අතරින් පක්ෂ කිහිපයක් නෙළුම් මාවත පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී මුණ ගැහුණා. ඉදිරියේ දී අපට මුහුණ දෙන්න වෙන අභියෝග සහ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ වලට මුහුණ දිය යුතු ආකාරය පිලිබඳව අපි සාකච්ඡා කලා.
ඒ වගේම රටේ මහජනතාව මේ වන විට මුහුණපාල තිබෙන අභියෝග සහ ආර්ථික ගැටලුවලට පක්ෂයක් විදිහට හා සන්ධානයක් විදිහට පිළිතුර දෙන ආකාරය වගේම පොදු ජන පෙරමුණ හා බැදුණු වෘත්තීය සමිති ව්‍යාපාරය නවීකරණය කල යුතු ආකාරය ගැන සාකච්ඡා කළා.







