සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරක දුම්රිය අනතුරින් ඉන්දියාවම කම්පනය වෙයි… දැනට මරණ 288යි… තුවාල කරුවන් 900 ඉක්මවයි!

by editor
ජූනි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (02) සවස ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර්හි දී සිදුවූ බරපතල දුම්රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් ඇතැයි Sky News වාර්තා කරයි. ඉන්දියාවේ සිට අදහස් දක්වමින් ස්කයි වාර්තාකරු පවසා ඇත්තේ  පීලි පැනීමට ලක්වූ මැදිරි තුළ සිරවී සිටින සිය ගණනක් මුදා ගැනීමට ගලවාගැනීම්කරුවන් තවමත් උත්සාහ කරන බැවින් බාලසෝර් දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් දැඩි සීරුවෙන් තබා ඇති බවයි.

සුන්බුන් දුම්රිය මැදිරි…

ඔඩීෂා ප්‍රාන්ත ලේකම් උපුටා දක්වමින්  NDTV ඇතුළු සියලුම ප්‍රධාන විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට තුවාල ලැබූ පිරිස දැනට 900 ඉක්මවා ඇත.

ඊයේ රාත්‍රි 07ට පමණ මෙම අනතුර සිද්ධවන්නේ ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ කොල්කටාට කිලෝමීටර් 250 ක් දකුණින් සහ බුබනේස්වර් සිට කිලෝමීටර් 170 ක් උතුරිනි.

අනතුර සිදුවන්නේ යශ්වන්ත්පුර් Howrah Superfast දුම්රිය පිලී පැනීමකට ලක්ව ප්‍රතිවිරුද්ධ මාර්ගයේ  පැමිණි  Coromandel Express දුම්රියේ ගැටීමෙන් බව දුම්රිය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් වූ අමිතාබ් ෂර්මා පවසා තිබිණි.

මෙම දුම්රිය අනතුර සිදුවන විට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටී තිබිණි. ඒ අනුව  අනතුර ලක්වන දුම්රිය ගණන තුනකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දීය  දුම්රිය අමාත්‍යාංශයේ ප්‍රකාශක අමිතාබ් ෂර්මා පවසන පරිදි, පිලි පනින ලද මැදිරි 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සුන් බුන් ලෙස මාර්ගයේ පෙරළී තිබේ.

මෑත කාලයේ ඉන්දියාවේ සිදුවූ මාරාන්තිකම දුම්රිය අනතුරුවලින් එක්කවන මේ අනතුරින්  විපතට පත්වූවෝ තවමත් මුදා ගනිමින් සිටිති.

අවට දිස්ත්‍රික්කවල සියලුම රෝහල් සීරුවෙන් තබා ඇත. ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ඒකක තුනක්, ඔඩිෂා ආපදා කඩිනම් ක්‍රියාකාරී බලකායේ ඒකක 4ක්, ගිනි නිවන කණ්ඩායම් 15කට අධික සංඛ්‍යාවක්, වෛද්‍යවරුන් 30ක්, පොලිස් භටයින් 200ක් සහ ගිලන්රථ 60ක් එම ස්ථානයට බලමුලු ගන්වා ඇති බව ඔඩිෂා ප්‍රධාන ලේකම්   NDTV වෙත පවසා ඇත.

සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර හේතුවෙන් මහ ඇමති නවීන් පට්නායික් එක්දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නාව් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය සඳහා ගුවන් හමුදාව කැඳවා ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් මිල යළිත් බහී…

Next Post

රුපියල් 100ක් කාල බෝතලයකට වැඩිවුනාම මිනිස්සු  සීල් අරක්කු නවත්තවා  කසිප්පු බොන්න යනව ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.