සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්දගේ නැනෝ පොහොර කෙළිය… නැනෝ නයිට්‍රින් දියර පොහොර සැපයුම් කරුට කෝටි 05ක් වැඩිපුරත් දීලා… 

නැවත අය කරගන්න ක්‍රමයක් නැති බව පොහොර සමාගම් විගණනයට කියයි!

by editor
ජූනි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

රජය මගින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර  ආනයනයේ දි  සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති  රුපියල්  හාරකෝටි, අනු අට ලක්ෂ, හතලිස් හය දහස් හාරසිය හයක මුදලක් (49,846,406)  මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 30 වැනිදින වන විටත් අයකරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

නැනෝ  නයිට්‍රජන්  දියර පොහොර බෝතල් 100,224ක්   2021 ඔක්තෝබර් මස 18 වැනිදින ආනයනය කිරිම සඳහා  සැපයුම්කරු වෙත බෝතලයකට  ඇමරිකානු ඩොලර් 12.45  බැගින් රුපියල් විසිපන්කෝටි, තිස්තුන්ලක්ෂ, එක්දහස් එකසිය විසිහයක (253,301,126) මුදලක් ගෙවා තිබුණි.

පසුව බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 10 දක්වා අඩුකර ගැනිමට කටයුතු කර තිබුණි.  

ඒ අනුව සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති මුදල අයකරගෙන නොතිබු අතර සිමාසහිත  කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ    අවසන් ගිණුම් තුළ  එම වටිනාකම ලැබිය යුතු මුදලක් ලෙස  ගිණුම් ගත කර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබද අදාල පොහොර සමාගමේ කළමණකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත   රටෙහි හදිසි අවශ්‍යතාවය හේතුකොට ගෙන  නැනෝ නයිට්‍රජන් දියර පොහොර   ආනයනය කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් තිරණය කළබවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 ඒ අනුව ඇමරිකානු ඩොලර්  12.45ක මුදලකට  නැනෝ නයිට්‍රජන්  මිලිලටර් 500ක බෝතලක්  මිලදි ගැනිමට තිරණය කළ බවත්. දියර පොහොර බෝතල් 100,224ක් පළමු තොගය ලෙස ආනයනය කිරීමට කටයුතු කළ බවය. 

ඒ සදහා Telegraphic Transfer ක්‍රමය භාවිතාකර  සැපයුම්කර වෙත ගෙවිම් කළ අතර  පසුව අමාත්‍ය  මණ්ඩලයේ තිරණය මත  ණයවර ලිපි විවෘතකර  ඇමරිකානු ඩොලර් 10 බැගින්  ඉතිරි දියර පොහොර සදහා ගෙවිම් කරණු ලැබු බවය.

ඉතිරි දියර පොහොර ආනයනයේ දි  සැපයුම්කරු වෙත වැඩිපුර ගෙවනු ලැබු මුදල  ණයවර ලිපිය මගින්  ගෙන්වනු ලබන පොහොර සඳහා ගෙවිම් කිරිමේ දි  අය කරගැනීම සදහා බැංකුව  වෙත උපදෙස් ලබා දුන්නද ඒ සඳහා හැකියාවක් නොමැති බවට බැංකුව විසින් දැනුම් දුන් බවද පොහොර සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත. 

වැඩිපුර ගෙවා ඇති මුදල් මහා භාණ්ඩාගාරය වෙත  ගෙවිය යුතු මුදලක් වන අතර  මෙහි වාණිජමය ගණුදෙනුවක් සිදු නොවු බවද සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත. 

පොහොර සමාගමේ කාර්යභාර්ය වුයේ  අදාල දියර පොහොර තොග  බෙදාහැරිමේ කාර්ය පමණක් වු අතර  අතරමැදි පාර්ශවය ලෙස මෙකි කටයුත්තට සම්බන්ද වු බැවින් අදාල මුදල අයකරගැනීමට  අවශ්‍ය නිතිමය කටයුතු සදහා පොහොර සමාගම මැදිහත් වි  ඇති බවද විගණනයට සඳහන් කොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යතුරුපැදියෙන් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි රක්ෂණ උපදේශකවරික් අත්අඩංගුවට…

Next Post

ළමා අපචාර චූදිතයෙක් පොලිස් සිර මැදිරිය තුළ සිය දිවි නසා ගනී…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.