ලලිත් චාමින්ද
රජය මගින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයේ දි සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති රුපියල් හාරකෝටි, අනු අට ලක්ෂ, හතලිස් හය දහස් හාරසිය හයක මුදලක් (49,846,406) මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 30 වැනිදින වන විටත් අයකරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් 100,224ක් 2021 ඔක්තෝබර් මස 18 වැනිදින ආනයනය කිරිම සඳහා සැපයුම්කරු වෙත බෝතලයකට ඇමරිකානු ඩොලර් 12.45 බැගින් රුපියල් විසිපන්කෝටි, තිස්තුන්ලක්ෂ, එක්දහස් එකසිය විසිහයක (253,301,126) මුදලක් ගෙවා තිබුණි.
පසුව බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 10 දක්වා අඩුකර ගැනිමට කටයුතු කර තිබුණි.
ඒ අනුව සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති මුදල අයකරගෙන නොතිබු අතර සිමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අවසන් ගිණුම් තුළ එම වටිනාකම ලැබිය යුතු මුදලක් ලෙස ගිණුම් ගත කර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබද අදාල පොහොර සමාගමේ කළමණකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත රටෙහි හදිසි අවශ්‍යතාවය හේතුකොට ගෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් තිරණය කළබවය.
ඒ අනුව ඇමරිකානු ඩොලර් 12.45ක මුදලකට නැනෝ නයිට්‍රජන් මිලිලටර් 500ක බෝතලක් මිලදි ගැනිමට තිරණය කළ බවත්. දියර පොහොර බෝතල් 100,224ක් පළමු තොගය ලෙස ආනයනය කිරීමට කටයුතු කළ බවය.
ඒ සදහා Telegraphic Transfer ක්‍රමය භාවිතාකර සැපයුම්කර වෙත ගෙවිම් කළ අතර පසුව අමාත්‍ය මණ්ඩලයේ තිරණය මත ණයවර ලිපි විවෘතකර ඇමරිකානු ඩොලර් 10 බැගින් ඉතිරි දියර පොහොර සදහා ගෙවිම් කරණු ලැබු බවය.
ඉතිරි දියර පොහොර ආනයනයේ දි සැපයුම්කරු වෙත වැඩිපුර ගෙවනු ලැබු මුදල ණයවර ලිපිය මගින් ගෙන්වනු ලබන පොහොර සඳහා ගෙවිම් කිරිමේ දි අය කරගැනීම සදහා බැංකුව වෙත උපදෙස් ලබා දුන්නද ඒ සඳහා හැකියාවක් නොමැති බවට බැංකුව විසින් දැනුම් දුන් බවද පොහොර සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත.
වැඩිපුර ගෙවා ඇති මුදල් මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු මුදලක් වන අතර මෙහි වාණිජමය ගණුදෙනුවක් සිදු නොවු බවද සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත.
පොහොර සමාගමේ කාර්යභාර්ය වුයේ අදාල දියර පොහොර තොග බෙදාහැරිමේ කාර්ය පමණක් වු අතර අතරමැදි පාර්ශවය ලෙස මෙකි කටයුත්තට සම්බන්ද වු බැවින් අදාල මුදල අයකරගැනීමට අවශ්‍ය නිතිමය කටයුතු සදහා පොහොර සමාගම මැදිහත් වි ඇති බවද විගණනයට සඳහන් කොට ඇත.







