මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කළුතරින් ආරම්භ කළ එක්ව නැගිටිමු දේශපාලන ආගමනය විහිලුවක් සහ කෘත්‍රිම වැඩක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. අද මහනුවර හ්රි දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාද්‍යයට අදහස් දක්වමින් ඔහු පුකාශ කළේ එය පොඩි විහිලුවක් සහ ආටිෆිෂල් (කෘත්‍රිම) වැඩක් බවයි.
මෙහිදී ඉදිරියේදී සිදු කිරීමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉදිරිපත් කර තිබියදී කල්ගිය නිසා ඉදිරියේදී එයට තවත් සංශෝධන එකතු වීමේ හැකියාව ඇතැයි හිටපු ජනපතිවරයා සඳහන් කළේය. තමන්ගේ කාලයේ ගෙනා 19 වැනි ව්‍යවස්ථාවේ පවතින යම් යම් අඩුපාඩු මඟ හරවාගෙන එය සම්මත කරගත යුතු යැයිද ඒ මහතා කීය.
මේ අවස්ථාවේ සියලු දෙනා බේද අමතක කර රටක් ලෙස එකට එකතු වී ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුව තිබෙන බවද සිරිසේන මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් ලබාගත් බවත් තවත් එවැනි අය ඉන්නවාද යන්න තමන් නොදන්නා බවත් කී ඒ මහතා කෙසේ වුවද ආණ්ඩුව මහජන යහපත පිණිස ගන්නා ක්‍රියාමාර්ග වලට සහය ලබාදෙන බවද අවධාරණය කළේය.
ශ්රීලනිපය කළ ඉල්ලීමට අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූයේ නම් ජත්‍යන්තර සහය විශාල ලෙස රටට ලබාගත හැකිව තිබූ බවත් ආණ්ඩුවේ පිරිසක් ඊට අකමැති වූ නිසා එය සිදු නොවුණු බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.







