සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලි ගඟට මෝටර් රථය පෙරළී මිය ගිය පුද්ගලයාගේ මරණය සැකයි… විශේෂ විමර්ශනයක්!

by editor
දෙසැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ඉලුක්මෝදර දී මහවැලි ගඟට වැටුණු කාර් රථය හදිසි අනතුරක් ද එසේත් නැතිනම් මිනීමැරුම් සිද්ධියක් ද යන්න විශේෂ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අනතුරින් මියගිය අමිල අනුෂ්ක ඒකනායක නමැති තිස් නම හැවිරිදි අවිවාහක පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් ඇති බවට ඔහුගේ මව වන අශෝකා අබේරත්න   විසින් අධිකරණය හමුවේ කළ ප්‍රකාශය ද සැලකිල්ලට ගනිමින් අනතුර සිදු වූ ස්ථානයේ පසුබිම පරික්ෂා කිරීමේදී ද අපරාධයක් සිදුව ඇති  බවට කිසියම් සැකයක් පවතින බැවින් ද විශේෂ විමර්ශනයක් සඳහා අදාල සිදුවීම යොමු කළ බව පොලිස් අධිකාරි චමිල් රත්නායක  පැවසීය.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ එකසිය විසිපස් වැනි වගන්තිය යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරි යටතට පත් කර ගනිමින් ඊට අදාළ විමර්ශනය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ අපරාධ විමර්ශන ඒකකයේ යටතේ සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

ගුරුදෙනිය මාලිගාතැන්න ද සොයිසා වත්තේ අංක 121 නිවසේ පදිංචිව සිටි මෙම පුද්ගලයා නිතර මිතුරන් සමග ගමන් බිමන් යන බවත් එදින පිටව ගියේ කුමක් සඳහාද යන්න තමා නොදන්නා බවත්මව වන අශෝකා අබේරත්න   කියා සිටියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දියේ ගිලී සිටි ස්ථානයේ කැලෑබද ප්‍රදේශයේ තිබී ඔහුගේ ජංගම දුරකථනය හමුවූ බවත් අනතුරක් මගින් වාහනය දියේ ගිලුණේ නම් ජංගම දුරකථනය එම ස්ථානයේ තිබෙන්නේ කෙසේ ද යන්න  තමන්ට සැකයක් පවතින බවත් ඇය කියා සිටියාය.

මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් ව එක්දින ප්‍රතිකාරයකින් අනතුරුව පිටව ගොස් තිබේ.

අනතුර සිදුව පැය දහසයක කාලයක් ඔහු අතුරු දහන්ව සිටි අතර ඔහුව සෙවීමට යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කරතිබිණි. පැය දෙකකට වැඩි කාලයක් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් කළ සෝදිසි මෙහෙයුමෙන් පසුව මළ සිරුර අනතුර සිදු වූ දිනට පසු දින පස්වරුවේ සොයාගනු ලැබිණි.

මහනුවරකුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් ආපසු ගුරුදෙණිය බලා ගමන් ගනිමින් සිටි කාර් රථය ඉළුක්මෝදර ප්‍රදේශයේදී ඉකුත් 27රාත්‍රි 11.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගඟට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසා තිබිණි.

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට ඇද වැටුණු මෝටර් රථය අඩි 40 ක පමණ ගැඹුරේ තිබී සොයා ගැනීමෙන් පසු පසුදා දහවල් ගොඩගනු ලැබීය. මළ සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව අදාළ ස්ථානය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ගේ හෝ පොලිසියේ ස්ථාන පරීක්ෂාවක් සිදු කොට නැති බව ද මළසිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ වෙත ලබාදීම සඳහා නියෝග ලබාගෙන නොමැති බවද මත මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ අකමැත්ත ක් හදිසි මරණ පරීක්ෂකවරයා විසින් දක්වා තිබිණි.

අනතුරුව නැවත මහේස්ත්‍රාත් නියෝග ලබාගෙන පැමිණීමෙන් පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දන්වා තිබෙන්නේ මෙය දියේ ගිලීම හේතුවෙන් සිදුවූ මරණයක් බව ය.

නමුත් ඔහුගේ මව සහ ඥාතීන් දිගින් දිගටම ප්‍රකාශ කොට ඇත්තේ මරණය සම්බන්ධයෙන් සැක යක් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ රථවාහන අංශය විසින් විමර්ශනය කරනු ලැබුවද මේ වන විට මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක  ගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණ පැවැත්වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධනංජය 100 යි…

Next Post

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට තානාපතිවරුත් වැඩට බහී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.