විශිෂ්ඨ හුදකලා ඉනිමක් ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා ශතකය ඉක්මවා ගියේය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 146කි.
සිය ශතකය ලබා ගැනිම සඳහා ධනංජය පන්දු 192කට මුහුණ දී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය.
කෙසේ වෙතත් දුවද්දී දැවීයෑම් දෙකේ ප්‍රතිඵලය ප්‍රකාශිතය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුනු 246කි.
ඊයේ දුවද්දී දැවී ගිය දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩාගාරයේ තබමින් අද තරගය ආරම්භ විය. චරිත් අසලංක ගැන ක්‍රීඩා ලෝලීන් සිටියේ බලාපොරොත්තු දල්වාගෙනය. එහෙත් මංගල තරගයේ දෙවන ඉනිමේදීත් ඔහු සාර්ථක වූයේ නැත. ලකුණු 19කට ඔහු වීරසාමි පෙරම්මුල්ට ගොදුරු විය.
පගාපොරොත්තු සහිත ස්ථාවර පිතිකරණයක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 66ක් ලබා ගත්තේය. ඔහු රොස්ටන් චේස් හමුවේ දැවී යන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදරටය.
දිනේෂ් චන්දිමාල් සුපුරුදු ලෙසම ෆේල්ය. ඔහු ලකුණු 02කි. රමේෂ් මෙන්ඩිස් අවසන් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ලකුණු 25ක් ලබා ගත්තේය. ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වී ඉනිම අගින් පන්දුවට පහර දීමට පැමිණි ඈන්ජලෝ මැතිව්ස් එක ලකුණකට දැවී ගියේය.