මහනුවර කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා රක්ෂිතයේ තිබූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාව පිහිටි තැන සලකුනු කළ එකම ඓතිහාසික සාධකය වූ ඓතිහාසික සඳගල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පසුගිය දෙසැම්බර් මාසසේ සිදුවූ මෙම සොරකම් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම වූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි යතුරු පැදියක් පැදවූ පුද්ගලයකු සහ තවත් අයකු බව පොලිසිය පවසයි.
මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුණ්ඩසාලේ ප්‍රාදෙශීය සභාවේ මන්ත්‍රීවරයකු ගමන් කළ යතුරු පැදිය පැදවූයේ මෙම පුද්ගලයා බව සැක කරයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබන අතර මෙම සඳගල සොරා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ඇතුලු පස් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයකුගේ නිවසට පැමිණි සහ එම සඳගල කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ කටයුතුවලට සම්බන්ධ වූ බවට තොරතුරු හෙළිව ඇති මහනුවර ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බව වාර්තා වේ