අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති හමුවෙන් පසුව මහජන උපයෝගීතාව කණපිට හැරෙයි ! කොමිසම දෙකඩ වී  සභාපති තනිවෙයි

by editor
ජනවාරි 20, 2023
in පුවත්
Janaka-Rathnayake
Share on FacebookShare on Twitter

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අමාත්‍ය මණ්ඩලය  විසින් ඉදිරිපත් කරන ලද  ජනවාරි පළමුවැනිදා සිට අතීතයට බලපාන පරිදි විදුලිය ගාස්තුවල අතුරු වැඩි කිරීමක් පිළිබඳ   යෝජනාවට  මහජන උපයොගීතා කොමිසමේ සියලුම සාමාජිකයන් එක්ව මුලින්ම  විරුද්ධ වුවද ඊයේ (19) ජනාධිපතිවරයා විසින්  කොමිසමේ  සාමාජිකයන් හදිසියේ කැඳවීමෙන් පසුව ඔවුන්  තිදෙනාම වෙනස් වී මෙම විදුලි බිල සංශෝධනයට කැමැත්ත පළ කර ඇති බව එහි සභාපති ජනක රත්නායක අද (20) අනාවරණය කළේය. 

මෙම අතුරු මිල වැඩි කිරීම 2009 විදුලි බල පනතට අනුව සම්පූර්ණයෙන් ම පටහැනි  බවත් කොමිසමේ සාමාජිකයන් අතරින් සභාපතිවරයා වන තමන් පමණක් මෙම යෝජනාවට විරුද්ධ බැවින් තමන් තනිවම ඉදිරි දින දෙක තුන ඇතුළත අධිකරණයේ  පිහිට පැතීමට බලාපොරොත්තු වන බවත් ඔහු  පැවසීය.

 මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද (20) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව තවදුරටක් පැහැදිළි කළේ මෙසේය.

“ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අතුරු මිල සංශෝධනයක් කරන්න ඕන කියන යෝජනාව ආවේ කැබිනට් මණ්ඩලයෙන්.   ඒ වගේම විදුලි බල මණ්ලයෙන් පෙබරවාරි මස 15 වැනිදාට පෙර විදුලි ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා තිබුණා. කොමිසමේ සාමාජිකයන් පසුගිය ජනවාරි 12 වැනිදා එක්ව මේ යෝජනා ගැන සලකා මෙවැනි අතුරු මිල වැඩි කිරීමක් අතීතයට බලපාන පරිදි කළ නොහැකි බව කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන්නා. එය පනතට නුව සිදු කළ නොහැක්කක්. එය පනතේ වගන්තිවලට පටහැණියි.“

මේ අතරේ ඊයේ විශේෂ සිදුවීම් දෙකක් වුණා. මහජන උපයෝගීතා කොමිසම පාර්ලිමේන්තකුවේ ජාතික සභාව හමුවට කැඳවලා තිබුණා. නමුත් මේ කැඳවීමට පෙර මා හැර සෙසු කොමිෂන් සභා සාමාජිකයන් වෙත ජනාධිපතිවරයා විසින් හදිසි කැඳවීමක් කරනු ලැබ  තිබුණා. එය සිදුවුණේ මගේ දැනුවත් බවකින් තොරවයි.

මීට මාසයකට පමණ පෙර ජනාධිපතිතුමා මාව හමුවීමට අවශ්‍ය බව කියා තිබුණ.  මා හැර සෙසු සාමාජිකන් ඊයේ මුණ ගැසී තිබුණා. ජනාධිපතිතුමා මීට මාසකයක කලින් කිව්වා මම හම්බ වෙන්න ඕන කියල. නමුත්  මම නැතිව ඉතිරි සාමාජිකයන් කොමිසමට ගෙන්වල මුණ ගැසිලා. නමුත් ඊයේ සෙසු සාමාජිකයන් කැඳවා ඇති බව මා දැන සිටියෙ නැහැ.

පසුව ඔවුන් ජාතික සභාවටත් පැමිණියා. එහිදීයි බළලා මල්ලෙන් එළියට පැන්නේ.  එහි දී මා සමඟ එක තීරණයේ සිටි කොමිසමේ සාමාජිකයයන් මේම කැබිනට් මණ්ඩලය ගෙනා අතුරු මිල සංශෝධනය පිළිබඳව ජාතික සභාව ඇසූ මොහොතේ ඔවුන් පෙර සිටි ස්ථාවරය වෙනස් කොට කතා කළා. ඔවුන් කරුනු කිසිවක් නොදැන කිසිවක් සොයා නොබලා මෙම යෝජනාවට විරුද්ධ වුනා. නමුත් දැන් අපි ට තේරේනවා අපි කලේ වැරැද්දක් කියල ඔවුන් එතනදී කිව්වා. ඒ වෙලාවේ මාත් අපහසුතාවකට පත් වුණා.

12වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ මේ කොමිසම් සාමාජිකයන්ට අවස්ථාව තිබුණා අපි ගත්ත තීරණය වැරදියි කියල කියන්න. නමුත් ඔවුන් එසේ කළේ නෑ.

එ අනුව අද දිනයේ මම හිතුවා මේ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුයි කියල. රැස්වීමක්  පැවැත්වුවා. මේ කොමිසමේ සාමාජිකයන් සමඟ . ඔවුන් අද මෙම කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ අතුරු මිල සංශෝධනයට ඔවුන් කැමැතියි කියල අත්සන් කළා. උදේනි වික්‍රමසිංහ, මොහාන්  සමරනායක චතුරිකා විජේසිංහ  යන මේ සාමාජිකයන් තුන් දෙනාගේම අත්සන සහිතව මේ සාමාජිකයන්  ලිඛිතව දන්වනවා මේ කැබිනට් මණඩලයෙන් ඉදිරිපත් කළ විදුලි බිල සංශෝධනය ඉක්මන් කළ යුතුයි කියල. මේ ඉල්ලීම සම්පූරණයෙන්  විදුලි පනතට පටහැණියි.“

මම මේ කොමසාරිස්වරුන්ට කිසිදු ආකාරයෙන් එකඟවෙන්නේ නෑ. ස්වාධීන කොමෂන් සභාවක් දේශපාලන අධිකාරියෙන් අනිසි බලපෑම් කිරීම වැරදියි. දෙශපාලන බලපෑම් කිරීම නොකළ යුතු දෙයක් . විරුද්ධතාව දින දෙක තුනක් ඇතුළත නීතිමය කටයුතු මම පෞද්ගලිකව ගන්නවා.

දේශපාලන බලපෑම්වලට යටත් වෙලා වැඩ කළොත් වැරදි පූර්වා දර්ශයක්. කැබිනට් මණ්ඩලයේ එන  නියෝග ඉදිරියේදීත් පිළිපැදීමට සිදුවනවා“ යයි දප්‍රකාශ කළේය. .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිපති කොළඹ මහේස්ත්‍රාත්වරියකට බලපෑම් කළැයි විරෝධය පෑ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ පිරිසක් ගැන විමර්ශනයක්!

Next Post

මහනුවර සඳගල සොරකමට තවත් 02ක් අත්අඩංගුවට !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.