කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් දරුවන් රැගෙන නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක් ගොස් කොළඹ බලා පැමිණෙමින් තිබූ බස් රථයක් නුවරඑළිය රදැල්ලේ දී වෑන් රථයක් සහ ත්‍රීවිල් රථයක් යටකරගෙන මීටර පනහක පමණ ප්‍රපාතයකට වැටී මාරක අනතුරකට ලක් වී තිබේ.
අනතුරින් බස්රථයේ ගැටී වෑන් රථයේ ගමන් ගත් හය දෙනෙක් සහ ත්‍රිවිල් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් ඇතුළු හත් දෙනෙක් මරණයට පත් වි ඇත.
තුවාල ලැබූ පාසල් දරුවන් ඇතුළු 41 දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.
තලවා කැලේ සිට නුවරඑළිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය මගහැර රදැල්ල හරහා කොළඹට පැමිණෙමින් තිබෙද්දී රදැල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනය අසල බෑව්මු සහිත මාර්ගයේ දී මේ අනතුර සිදුවී ඇත.
බරවාහන ගමන් නොකරන ලෙස දැනුම්වත් කර තිබිය දී එය නොසලකා කෙටි පාරක් ලෙස මෙම මාර්ගය තෝරාගෙන ඇති බවත් මේ මාර්ගයෙන් ගමන් කළහොත් කෙටි වන්නේ කිලෝමිටර 12ක් පමණක් බවත් පොලිසිය පවසයි.
මීදුම සහිත කාලගුණ තත්ත්වයක් තුළ මේ විශාල බස් රථය බෑවුම් සහිත මාර්ගයේ වංගුවක් ගැනීම සඳහා පිටුපසට ගමන් කරද්දි පිටුපසින් තිබූ වෑන් රථය සහ ත්‍රීවිල් රථය අනතුරට ලක් කරමින් ප්‍රපාතයට ඇදවැටී ඇත.