මහනුවර ජාතික රෝහලේ ගැබිණි වාට්ටු ඒකකය ආසන්නයේ ඇති කාණුවක තිබී මාස අටක් පමණ විය හැකි බවට සැක කෙරෙන මිනිස් කලලයක් අද (03) සොයා ගෙන තිබේ.
අදාළ වාට්ටුව ආසන්නයේ ඇති කාණුව පිරිසිදු කරමින් සිටි කාන්තාවක් විසින් මෙය දැක රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇත.
ගැබිණි වාට්ටුවේ සිටින මවක විසින් මෙය කාණුවට බැහර කර තිබෙන බවක් අනාවරණය වී නොමැති බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මේ සම්බන්ධව කළ විමසීමක දී ප්‍රකාශ කළාය.
මෙය සතෙකු විසින් අදාළ ස්ථානයට ගෙනවිත් දැමුවේ ද යන්න සම්බන්ධයෙන් ද සැකයක් මතුව තිබේ. කලලය මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙන අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එය පරීක්ෂා කර බලන තෙක් ඒ සම්බන්ධයෙන් ස්ථිර යමක් ප්‍රකාශ කළ නොහැකි යැයි ද අධ්‍යක්ෂවරිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.







