සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නවසීලන්ත කාන්තාවෝ පරාදයි… ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!

by editor
ජූලි 3, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 08කින් පරාජය කරමින් විශිෂ්ඨ තරගාවලි ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූයේය.

තරගය පැවැත්වූනේ ගාල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී ය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දුවට පහර දීම තේරූහ.

එහෙත් තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. නවසීන්ත කාන්තා කණ්ඩායමේ කඩුලු 02ක් ලකුණු 127කට දැවී තිබිය දී ඉනිම අත්හිටුවීමට සිදුවිය. ඒ වනවිට පන්දු ඕවර 31ක් යවා තිබිණි. ඕෂධී රණසිංහගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන්  ආරම්භක පිතිකාරිනී ඇමීලියා කේර්  ලකුණු 19කට දැවී ගියාය.  බර්නාදිනේ බෙසුයිඩෙන්හොව්ට් ලකුණු 04කට  දුවද්දී දැවී යෑමකට හසු විය.

අනතුරුව කදිම සම්බන්ධයක් ගොඩනැගිනි.  සුසී බාට්ස් නොදැවී ලකුණු 63ක් හා  නායිකා සොපී  ඩෙවයින් නොදැවී ලකුණු 38ක් රැස්කරමින් ක්‍රීඩා කරමින් උන්හ.   ඔවුන් දෙපළ  නවසීලන්තය වෙනුවේන්  දීර්ඝ ඉනිමක් සඳහා අඩිතාලම දමමින් සිටියහ.

එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන්  නවසීලන්ත ඉනිම අත්හිටවනු ලැබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගාල්ලට වැස්ස…

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 29ක දී ලකුණු 196ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ලැබිනි.

ආරම්භක පිතිකාරිනියන් වන නායක චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කළහ. විශ්මි  ලකුණු නොලබා දැවී ගියාය.  ඉන් අනතුරුව පිටියට පැමිණි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 03කට දැවී ගියාය.

ඉනිම බිඳවැටී තිබුණු අවස්ථාවේ දී  නායකත්වයේ බර කරට ගත් චමරි අතපත්තු මනරම් පිතිකරණයක නිරත වූවාය.

ඇය ලකුණු 140ක් නොදැවී ලැබුවාය. ඒ හතරේ පහර 13ක් සහ හයේ පහර 09ක් සමගිනි.

ඇය ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට වඩා තමන්ට ශරීර යෝග්‍යතාවක් ඇති බව පෙන්නුම් කළේ තරගය පුරා ජව සම්පන්න කඩුළු අතර දිවීමෙනි.

චමරී නොදැවී ලකුණු 140ක් ලැබුවේ පන්දු 80ක් තුළය. ඒ ඇය අන්තර්ජාතික තරගාවලියක දී ලැබූ  09 වැනි එක්දින ශතකය ය.

චමරි නොදැවී ලකුණු 140යි…

මුලදී ඉතා මන්දගාමී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් චමරි සමග ඉනිම ගොඩනැගූ නිලක්ෂි ද සිල්වා පසුව සිය පිති ප්‍රහාරය වේගවත් කළාය. ඇය පන්දු 68ක් තුළ නොදැවී ලකුණු 48ක් ලැබුවාය. පන්දු 13ක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08 ක ජයක් ලැබූහ.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ද ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බිල වැඩි කළේ වැරදි දත්ත මත බව දැන් ඔප්පු වෙලා… මම එරෙහි වුනේ ඒ වැරදි දත්තවලට… PUCSL හිටපු සභාපති කියයි!

Next Post

මහනුවර රෝහලේ ගැබිනි වාට්ටුව අසල කානුවක මාස 08ක ළදරු කළලයක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.