මහනුවර සිව් මහා දේවාලයන් ගෙන් එකක් වන නාථ දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ශානක බණ්ඩාරනායක අද (16) තේරී පත්විය.
බස්නායක නිළමේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ (16) පස්වරුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුමගේ ප්රධානත්වයෙන් පැවැත් විණි.
ඡන්ද විමසීමේ දී නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේ නීතීඥ ගයාන් හෂීල හීන්කෙන්ද ඡන්ද 11 ක් ද ශානක බණ්ඩාරනායක ඡන්ද 16 ක් ද ලබා ගත්හ.
ඒ අනුව වැඩි ඡන්ද 05 කින් මහනුවර නාථ දේවාලයේ බස්නායක නිළමේ ධූරයට ශානක බණ්ඩාරනායක පත්විය.
ශානක බණ්ඩාරනායක ඇම්බැක්ක ශ්රී මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ලෙස ද කටයුතු කරයි.







