ජනශක්ති ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන මඟින් ප්‍රධාන විමර්ශන කටයුතු සිදුවෙන බවත්, එම කරුණු මත, මෙම ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි කරුණු තහවුරු වන තෙක්, තම පවුලේ සාමාජිකයන්ගේ හැඟීම්වලට සහ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් ඔහුගේ පවුලේ සාමාජිකයෝ මෙරට මාධ්‍යවලින් හා ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඔහුගේ සහෝදරයෙකු වන රමේෂ් ෂාෆ්ටර් සිය පවුල වෙනුවෙන්, ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇති අතර, ඔහු සඳහන් කරන්නේ, මිය ගිය දිනේෂ්, සිය පවුල සමඟ හදවතින්ම හා ආත්මීයව සිටි සහෝදරයෙකු වන බවයි.
ඔහු, ව්‍යාපාර ක්ෂේත්‍රයට හා ක්‍රීඩාවට අප්‍රසිද්ධියේ විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු බවත්, අයුක්තියට එරෙහිව අභියෝග කිරීමට දැඩි කැමැත්තක් දැක්වූ අයෙක් බවත් සඳහන් කර ඇති අතර ඔහුගේ වියෝවත් සමඟ ඔහු තම පවුල හා මිතුරන් වෙනුවෙන් මෙන්ම සමාජය කෙරෙහි ද දැක්වූ නිම නොවන කැපවීම සදා ස්මර්ණය වෙනු ඇති බවත් පවසයි.
තිදරු පියෙකු වන දිනේෂ් ඊයේ බොරැල්ල සුසාන භූමියේදී වාහනය තුළ දෑත් බැඳ, ගෙලට වරයක් දමා සිරකර සිටියදී හමු වූ අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පසු මියගියේය.
ඔහුට තවත් සහෝදරයින් තිදෙනෙකු ද සිටින අතර ප්‍රකට ව්‍යාපාරිකයෙකු සේම හිටපු ක්‍රිකට් පරිපාලකයෙකු වන චන්ද්‍රා තෝමස් ෂාෆ්ටර් ගේ පුත්‍රයාය. මිය යන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.







