අසේල කුරුළුවංශ –
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ වාහන බෝම්බයක් පුපුරුවා හැරීමේ සූදානමක් තිබෙන බවට එම කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට යොමුකර තිබූ පණිඩිඩය ව්‍යාජ එකක් බව පොලීසිය පවසයි.
දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නිල සුනඛ කොට්ඨාසය ඇතුළු අංශ ගණනාවකින් කණ්ඩායම් පැමිණ අද (26) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය දැඩි සෝදිසි කිරීමට ලක් කළේය.
ඒ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු නතර වී තිබුණි.
ව්‍යාජ තොරතුරක් විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ පවසයි.







