මෙතෙක් අනාවරණය නොවී තිබූ මහනුවර අම්පිටිය රතු බෝක්කුව අසල කෝටිපති කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තවගේ දියණියගේ මාමණ්ඩිය සැක පිට අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (27) කටයුතු කළේය.
දියණියගේ ඇයගේ සැමියාගේ පියා ( මාමණ්ඩිය)ත් තවත් පුද්ගලයෙකුත් සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ඝාතනයට හේතුව ඉඩම් ආරවුලකි.
ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඝාතනය වූ කාන්තාවගේ දියණියේ මාමණ්ඩිය දෙල්ගොඩ පිහිටි නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතන සඳහා යොදාගත් පිහිය ද තමන් භාරයට ගත් බව පොලිසි කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ඝාතනය සිදු කිරීම සඳහා සැකකරුට සහය වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ පැවැත්වූ අතර මහනුවර පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ජී.එස් බණ්ඩාර ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.







