කීර්ති ප්‍රනාන්දු –
ධාරාණිපාත වර්ෂාවට තෙමෙමින් මිනිස්සු විරෝධතා ව්‍යාපාරවල නිරතවෙති. ප්‍රාදේශීය මට්ටමින් සෑම නගරයකම විරෝධතා පැවැත්වෙමින් ඇත.
මිනුවන්ගොඩ දැවැන්ත විරෝධතාවයකි. සෑම වයස් ඛාණ්ඩයකම පිරිස් ඊට එක් වී සිටිති. මල්වඩම් මිනීපෙට්ටි රැගෙනවිත් ඔවුහු කටුනායක නුවර මාර්ගය වසා දමා උද්ඝෝෂණයක නිරතවෙති. කටුනායක ඇවරියවත්තේ එවැනිම විරෝධතාවයකි. ගුවන්තොටුපල පරිශ්‍රයේත් විරෝධතාවයකි.
සියලුම කඩසාප්පු වැසී ඇත.










