සිය නිල රථයේ බිරිය සමඟ ගමන් කරමින් සිටි මේජර් ජනරාල්වරයකුගේ වාහනයට බ්‍රිගේඩියර්වරයකු ගමන් කළ වාහනය ඉස්සර කිරීම නිසා උරණ වූ මේජර් ජනරාල්වරයා මහ මඟ වාහන නවත්වා කළහකාරී ලෙස හැසිරීම හෙතුවෙන් අදාල නිලධාරීන් දෙදෙනාම තමන් ඉසිලූ රාජකාරී වකීම්වලින් ඉවත් කිරීමට යුධ හුමුදාව පියවර ගෙන තිබේ.
මේ අනුව නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන මේජර් ජනරාල් එල්.එස් බාලචන්ද්‍ර සහ මුලතිව් විශේෂ බලකා ප්‍රධානියා වන බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා යන දෙදෙනාගේම රාජකාරී තනතුරුවලින් ඉවත් තොට යුද හුමුදා මූලස්ථානයට අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර අදාළ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවත්වෙන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
අදාළ ගැටුම සිදුව ඇත්තේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය. මෙම නිලධාරීන් දෙදෙනාම සිය බිරින්දෑවරුන් සමඟ සිය උසස් වීම් වෙනුවෙන් දඹුල්ලේ හමුදා කදවුරක පැවැත්වෙන සම්භාෂණයකට සහභාගී වීමට ගොස් ඇති අතර මේජර් ජනරාල්වරයා ගමන් කළ රථයට බ්‍රිගේඩියර්වරයාගේ රථය පැදවූ යුද හමුදා රියදුරා ඉස්සර කර ගමන් කර ඇත.
බ්‍රිගේඩියර්වරයකු ලෙස සිට මීට සති දෙකකට පෙර මේජර් ජනරාල් තනතුරට උසස් වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී බාලචන්දු එයින් කෝපයට පත්ව සිය රියදුරුට බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා ගමන් කළ වාහනයට ඉස්සර කරන ලෙස අණ කර ඇත. වාහනය ඉස්සර කිරීමෙන් පසුව රථය නවත්වා එයින් බැස ඇති මේජර් ජනරාල්වරයා කෝපයෙන් කෑ ගසමින් බ්‍රිගේඩියර්වරයාගේ රියදුරුට දෝෂාරෝපණය කිරීමත් සමඟ එය කළහකාරී තත්ත්වයට පත්ව ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ වාහනයට ඉස්සර කිරීම වැරැද්දක් ලෙස දක්වා ඇති ඔහු රියදුරාට පහර දීමටද තැත් කර ඇති බව සඳහන් වන අතර මෙම ගැටුමට ඔහුගේ බිරිඳද සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.
ඒ අවස්ථාවේ දි සිය රියදුරුට පහරදීමට පැමිණි මේජර් ජනාරාල්වරයා වැළැක්වූ බ්රිිගේඩියර් සුරේෂ් පෙරේරා පවසා ඇත්තේ සිය රියදුරු වරදක් නොකළ බවත් මහා මාර්ගයේ දී ජ්‍යෙෂ්ඨයෙකුගේ වාහනයක් ඉස්සර කර යෑම වරදක් යැයි හමුදා නීතියේ දක්වා නැති බවත්ය.
මහා මාර්ගයේ ගමන් කල පුද්ගලයන්ට ද දැකගතහැකි වූ එම සිදුවීමේ වීඩියෝවක් පහත දැක්වේ.







