මහ බැංකුව සතු විදේශ වත්කම් ප්‍රමාණය සෘණ ඩොලර් බිලියන 4ක් දක්වා පහත බැස ඇති බව මහ බැංකු තොරතුරු හෙළි කරයි.
ශ්‍රි ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පවතින විදේශ වත්කම්වලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් දක්වා ඉහළ යෑම මීට හේතුව වී තිබේ.
මේ අනුව ශ්‍රි ලංකා මහ බැංකුවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය පවතින විදේශ වත්කම්වලට වඩා රුපියල් ට්‍රිලියන 1.2කින් ඉහළ ගොස් ඇත.
පසුගිය පෙබරවාරි මාසය වනවිට මෙම අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.56ක අගයක පැවතියද ඊට පසුව ලබාගෙන ඇති ඩොලර් මිලියන 376ක මණ ණය හෙතුවෙන් එය බිලියන හතරේ සීමාව ඉක්මවා ඇත.
තොරතුරුවලට අනුව ශ්‍රි ලංකාවේ විදේශ සංචිත පසුගිය කාලය තුළ ශ්‍රීඝයෙන් අඩු වීමත් අධික ලෙස ඩොලර් ණය ලබා ගැනීම් හේතුවෙන් මෙලෙස ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයකට එලඹියේය.
එමෙන්ම රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ස්ථාවර අගයක රඳවා තබා ගැනීම සඳහා මහ බැංකුව ඇතැම් මූල්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ විරෝධතා මැද පවා මහ බැංකුව සතු ඩොලර් සංචිත ක්ෂය කරමින් කටයුතු කළ බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇති අතර මේ හේතුවෙන්ද රටේ විදේශ සංචිත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගිය බව පසුගියදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ කරුණු හෙළි කළ මහ බැංකු සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන්ද හෙලි කර තිබුණි.