මහ කන්නයේ වී මිලදී ගැනීම් සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර ඇත. කෘෂිකර්ම ලේකම් ගුණදාස අමරසේකර ප්‍රකාශ කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවය.
ඒ අනුව තෙතමනය සහිත වී කිලෝග්‍රෑමයක් සඳහා රු. 88/- ක් සහ වියළි වී කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 100/-ක සහතික මිලක් දක්වා තිබේ.
කෘෂිකර්ම ලේකම්වරයා පවසා ඇත්තේ ඒ සඳහා රජය රුපියල් බිලියන 10ක මුදලක් වෙන්කර ඇති බවය.
එම වී තොග කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා මිලදී ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.
වී මිලදී ගැනීමේ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) රැස්වීමක් කැඳවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ මෙම රැස්වීම සඳහා වැඩසටහනට සම්බන්ධ සියලුම නිලධාරීන් කැඳවා ඇති බවය.
බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී මෙම හමුව පැවැත්වෙයි.
සති අන්තයේ උතුරේ කළ සංචාරය අතරතුර වී කිලෝවක් රුපියල් 100 ක සහතික මිලකට මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.







