බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල් කූඩ ටිකක් බාර දෙන්න නාවලිපිටිය දුම්රිය ස්ථානයට පැමිණි තරුණයෙකුට දත් හැලෙනතුරු අමානුෂීකව පහර දුන් මැර පෝටර්ලා…  

by editor
ඔක්තෝබර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

විසිතුරු මල් කූඩ තොගයක් නානුඔය දුම්රිය ස්ථානයට රැගෙන ගිය තරුණයෙකුට දුම්රිය සේවක මණ්ඩලයේ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පවසමින් පහර කෑමට ලක් වූ තරුණයාගෙ දෙමාපියන් විසින් නුවරඑළිය දිශාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත අද  (16) දින පැමිණිල්ලක් සිදුකර ඇත.

පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පහරකෑමට ලක්වූ තරුණයාගේ දෙමාපියන් කියා සිටියේ පසුගිය 5 වැනි දා      ගුරු දිනය වෙනුවෙන් ලැබුණු විසිතුරු මල් ඇණවුමක් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සදහා නානුඔය දුම්රිය ස්ථානයට භාර දීමට ගිය අවස්තාවේ ඇති වූ වචන හුවමාරුවක් දුර දිග ගොස් දුම්රිය ස්ථාන සේවක මණ්ඩලයේ නිලධාරින් සිව්දෙනෙකු විසින් මෙම පහරදිම සිදු කර බවය.

පහරදිමෙන් පුත්‍රයාගේ මුහුණ ප්‍රදේශයේ අස්ථියක් පුපුරා ගොස් දත් සියල්ල සෙලෙවෙන තත්ත්වයට පත් වි ඇති බව ද පහරකෑමට ලක් වු ශේන් ලක්ෂිත (අවු 29 ) නම් තරුණයාගේ දෙමව්පියෝ කීහ.

වෛද්‍ය වාර්තා..

පහර කෑමට ලක් වූ තරුණයාගේ පියා  වන නිශාන්ත කරදගොල්ල   සිද්ධිය මෙසේ විස්තර කළේය.

“පසුගිය (05) දින රාත්‍රි 8.45 ට පමණ මල් පෙට්ටි අරන් දුම්රිය ස්ථානයට යනවිට වීල් එකේ පැච් එකක් ගියා. ඒක, අලුත්වැඩියා කරගෙන දුම්රිය ස්ථාන වෙත යනකොට විනාඩි 5ක් විතර පරක්කු වුණා”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මල් පෙට්ටිය භාර දෙන්න යනකොට දුම්රිය සේවක මණ්ඩලයෙන් ඒක භාර ගන්න බෑ කියද්දි පුතා කිව්වේ තව කෝච්චියට වෙලා තියෙනවනේ මේක ගන්න අපිට කරන උදව්වක් විදිහට කියලා. “

“එතකොට ඔවුන් අපිට කතා කළේ නොසුදුසු විදිහට. උඹලට ඕන ඕන විදිහට අපිට රාජකාරි කරන්න බෑ..  අපිට ඕන විදිහට තමයි අපි රාජකාරි කරන්නේ කියලා කිව්වා.”

“ඊට පස්සේ අපි එතනින් පිටත් වෙලා ආවේ මේ ගැන ඉහල තැනට පැමිණිලි කරනවා කියලා විතරයි.”

“අපි මග එද්දි කෝල් එකක් ආවා , මල් අයිතිකාර අයගෙන් දැන් ගිහින් භාර දෙන්න මල් ටික… දෙන්නෙක් ඇවිල්ලා ගනී කියලා…”

“අපි ආයෙ මල් ටික භාර දෙන්න ගිහින් මල් පෙට්ටි ටික බානකොටම මගේ ත්‍රීරෝද රථය පස්සට ගන්න කිව්වා වාහන දාන්න ඉඩ ඕන කියලා ,

“මම වාහනේ පස්සට  ගන්නකොට පිටි පස්සේ නවත්තලා තිබ්බ වාහනේ වැදුනා. මං ඒ ගැන බලන් ඉන්නකොට කෑ කෝ සද්දයක් ආවා.  එතනට යනකොට පුතාට හතර දෙනෙක් එකතු වෙලා හොදටම ගහනවා.”

“ප්‍රශ්නේ දුර දිග යයි කියලා බයට පුතාව වාහනේට ඇදලා දාගෙන මල් පෙට්ටි ටිකයි අරගෙන අපි එතනින් පිටත් වෙලා ආවා.”

නුවරඑළියට අපි එනකොට පුතාට හොඳටම අසාධ්‍යයයි. අපි පුලුවන් ඉක්මනට එයාව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළා.  අපිට රෝහලෙන් කිව්වේ එයාගෙ අස්ථියක් කැඩිලා දත් ඔක්කොම බුරුල් වෙලා කියලා.,”

“පහුවදා (06) අපි නානුඔය පොලිසියට ගිහින් මේ ගැන පැමිණිලි කරලත් පහුවදා වෙනකල්ම කාවත් අත්අඩංගුවට අරගෙන තිබුණේ  නෑ. ඉන් පස්සේ අපි මේ ගැන නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමාට පැමිණිලි කළා., ඊට පස්සෙ එක් කෙනෙකු විතරක් අත්අඩංගුවට අරගෙන පැය කිහිපකින් උසාවියට ඉදිරිපත් කරලා ඇපත් දීලා.”

“පහර දීමට සම්භන්ධ අනෙක් තිදෙනාවත් අත්අඩංගුවට ගන්න අපිට සාධාරණයක් ඉටු කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.” යනුවෙන් පැවසීය.

මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධව නානුඔය මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.සි.ජනකගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවය. අනෙකුත් සැකකරුවන්ට පොලිසියට පැමිණෙන දැනුම් දී ඇති අතර ඔවුන් පොලිසියට පැමිණීමෙන් අනතුරුව පහර කෑ අයගේ හඳුනා ගැනීම මත අත් අඩංගුවට ගන්නා බවද ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2028 සිට ඔලිම්පික් උළෙල ක්‍රිකට් ක්‍රීඩාවටත් විවෘත වෙයි…

Next Post

හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා අභාවප්‍රාප්තවේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.