ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා සිය නිල අනුමැතිය ලබා දී ඇති බව අයි.සී.සී. ය අද (16) නිවේදනය කළේය.
එම නිල ප්‍රකාශය ඔවුන් විසින් සිදුකරන්නේ අද (16) මුම්බායි හි පැවති 141 වැනි ඔලිම්පික් අන්ර්ජාතික සැසියේදී 2028 ලෝස් ඇන්ජලීස්හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එකතු කිරීම ජාත්‍යාන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය නිල වශයෙන් ප්‍රකාශ වීමෙන් අනතුරුවය.
එම අනුමැතියෙන් පසු 1900න් පසු වසර 128කින් අනතුරුව පළමු වරට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උළෙලේ කොටසක් වනු ඇත. වර්ෂ 1900දී පමණක් එක් වරක් ඔලිම්පික් තරගයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා තිබිණි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නව ප්‍රේක්ෂකයින් සම්බන්ධ කර ගැනීමට මෙය අවස්ථාවක් වනු ඇති බවත්, සුවිශේෂී අවස්ථාවක් නියෝජනය කෙරෙන ඔලිම්පික් ප්‍රවේශයේ දී ක්‍රීඩාව නැරඹීම සඳහා රූපවාහිනී සහ ඩිජිටල් වේදිකා හරහා බිලියන තුනකට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් එකතු වනු ඇති බවත් ගණන් බලා තිබේ.
මෙය නව පරපුරේ ක්‍රිකට් ලෝලීන්ට සහ රසිකයින්ට දොර විවර කරමින් ක්‍රිකට් ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩාවක් වීමේ ප්‍රවේශය තවදුරටත් සලසනු ඇති බව අයි.සී.සී. ය නිවේදනයකරයි.