අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරා දැමූ දැරියගේ අපරාධකරුවන් සොයාගන්න ගම්පහ රෝහල් අධ්‍යක්ෂ සීසීටීවී පරීක්ෂා කරන්න දී නෑ…

by editor
නොවැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බෙම්මුල්ල ප්‍රදේශයේ දැරියකට පහර දී මරා දමා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පලාගිය අපරාධකරුවන් සොයා ගැනීමට   රෝහලේ සීසීටීවී. කැමරා පද්ධතිය නිරීක්ෂණය කරන්නට ගම්හප  රෝහලේ අධ්‍යක්ෂ සමන් පතිරණ විසින් රෝහල් පොලිසියට ඉඩ ලබා නොදීමෙන් අපරාධකරුවන් සොයා ගැනීමට නොහැකිව ඇතිවන්නට ගිය සංකීර්ණ තත්ත්වයක් හමුදා, පොලිස් බුද්ධි අංශ නිසා වැළකී ගිය ආකාරය වාර්තා වේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය වූ පසුගිය 10 දා  උදේ හතයි පහට  සහ හතයි හයට වාහන දෙකක් රෝහල තුළට ඇතුළු වී ඇත. එම වාහන දෙකෙන්ම අසාධ්‍ය ලෙඩුන් රැගෙන පැමිණ ඇති අතර පැවති කළබලකාරී තත්ත්වය මත දැරිය ගෙනැවිත් ඇත්තේ කුමන වාහනයෙන්ද යන්න පිළිබඳව රෝහල් ආරක්ෂක අංශයට හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.

මිය ගිය බව නොදත් නමුත් අසාධ්‍ය තත්ත්වයේ ඇතැයි විශ්වාස කළ දැරිය වහාම රෝහල් වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. දැඩි පහර කෑමට ලක් වී සිටි ඇය මිය ගොස් ඇති බව තහවුරු කිරීමත් සමග රොහල් කාර්ය මණ්ඩලයත් දැඩි කම්පනයට පත් වී ඇති අතර  ඇයව රෝහළට ගෙනා තරුණයා පලා ගොස් තිබේ.

මේ අවස්ථාවේ දී ඉක්මනින් නිවැරදි තොරතුරු ලබාගෙන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස  උදේ 7. 30 වනවිට රෝහල් පොලිසිය ඉල්ලා ඇතත් ඔහු එය මගහැර තිබේ. වාර්තාවන පරිදි  රෝහලේ දුරකථන ඇමතුම් හුවමාරු ඒකකය වෙත කතා කර රෝහල් අධ්‍යක්ෂවරයා  පවසා ඇත්තේ තමන් සීසීටීවී පරීක්ෂා කිරීමට කිසිවෙකුට අවස්ථාව ලබා නොදෙන බවත් හැකිනම් සහකාර පොලිස් අධිකාරීවරයා මගින් තමන්ව අමතන ලෙසත්ය.

“මිනියක් මරා රෝහලට ඇතුළත් කරන තුරු ඔතන හිටපු උන් කළේ කුමක්දැයි“ ඔහු විමසා ඇතැයි වාර්තා වේ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සහකාර රෝහල් අධ්‍යක්ෂවරයාටත් මේ සම්බන්ධව දැනුම් දී ඇති නමුත් ඔහු පවසා ඇත්තේ රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලට පැමිණ නැති බැවින්  අධිකරණ නියෝගයක් රැගෙන පැමිණියහොත් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමට ඉඩ දිය හැකි බවය.

ඒ අතර තුර රෝහල් පොලිසිය දැන්විය යුතු සියලුම ඉහළ නිලධාරීන්ට අදාල තොරතුර දන්වා ඇත.  අවස්ථා තුනක දි  රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් මෙම තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් ඔහු විවිධ කාරණා ඉදිරිපත් කරමින් එම ඉල්ලීම මග හැර ඇත.

ඒ සමගම එස්ටීඑෆ්, හමුදා සහ පොලිස් බුද්ධි අංශ පැමිණ සැක කටයුතු වාහන දෙකේ තොරතුරු මොටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඒ තොරතුරු ඔස්සේ විමර්ශන අරඹා තිබේ.

ඒ අතර  ගම්පහ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රොහලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට ඉඩ ලබා නුදුන්න ද  රෝහල ඉදිරිපිට ඇති ආයතන සහ නවලෝක රෝහලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට ඔවුන් ඉඩ දී තිබේ.

ඒ තොරතුරු ඔස්සේ සැකකරු හඳුනා ගැනීමට බුද්ධි අංශවලට හැකි වී ඇත. ඒ ඔස්සේ කරන ලද විමර්ශනවලින් පැය දෙකක් ගතවීමට පෙර සැකකරුත්, මරණය සිදුවූ දැරියගේ අනන්‍යතාවයත්, ඇයගේ  සියලු විස්තරත් සොයාගෙන සැකකරුවන් සහ වාහනය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

ගැටලුව විසඳාගත් හෙයින් රෝහල් අධ්‍යක්ෂ සමන් පතිරණගේ අමන හැසිරීම සම්බන්ධව කිසිවෙකුට පැමිණිලි කිරීමට රොහල් පොලිසිය කටයුතු කර නැත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය හෙට විවෘත වෙයි!

Next Post

හිරෙන් නිදහස් දෙමළ රැඳවියන්ට ස්වර්ණවාහිනී හිමිකරුගෙන් සුපිරි රාත්‍රී භෝජනයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.