බෙම්මුල්ල ප්‍රදේශයේ දැරියකට පහර දී මරා දමා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පලාගිය අපරාධකරුවන් සොයා ගැනීමට රෝහලේ සීසීටීවී. කැමරා පද්ධතිය නිරීක්ෂණය කරන්නට ගම්හප රෝහලේ අධ්යක්ෂ සමන් පතිරණ විසින් රෝහල් පොලිසියට ඉඩ ලබා නොදීමෙන් අපරාධකරුවන් සොයා ගැනීමට නොහැකිව ඇතිවන්නට ගිය සංකීර්ණ තත්ත්වයක් හමුදා, පොලිස් බුද්ධි අංශ නිසා වැළකී ගිය ආකාරය වාර්තා වේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය වූ පසුගිය 10 දා උදේ හතයි පහට සහ හතයි හයට වාහන දෙකක් රෝහල තුළට ඇතුළු වී ඇත. එම වාහන දෙකෙන්ම අසාධ්‍ය ලෙඩුන් රැගෙන පැමිණ ඇති අතර පැවති කළබලකාරී තත්ත්වය මත දැරිය ගෙනැවිත් ඇත්තේ කුමන වාහනයෙන්ද යන්න පිළිබඳව රෝහල් ආරක්ෂක අංශයට හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.
මිය ගිය බව නොදත් නමුත් අසාධ්‍ය තත්ත්වයේ ඇතැයි විශ්වාස කළ දැරිය වහාම රෝහල් වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. දැඩි පහර කෑමට ලක් වී සිටි ඇය මිය ගොස් ඇති බව තහවුරු කිරීමත් සමග රොහල් කාර්ය මණ්ඩලයත් දැඩි කම්පනයට පත් වී ඇති අතර ඇයව රෝහළට ගෙනා තරුණයා පලා ගොස් තිබේ.
මේ අවස්ථාවේ දී ඉක්මනින් නිවැරදි තොරතුරු ලබාගෙන පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා රෝහල් අධ්යක්ෂවරයාගෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස උදේ 7. 30 වනවිට රෝහල් පොලිසිය ඉල්ලා ඇතත් ඔහු එය මගහැර තිබේ. වාර්තාවන පරිදි රෝහලේ දුරකථන ඇමතුම් හුවමාරු ඒකකය වෙත කතා කර රෝහල් අධ්යක්ෂවරයා පවසා ඇත්තේ තමන් සීසීටීවී පරීක්ෂා කිරීමට කිසිවෙකුට අවස්ථාව ලබා නොදෙන බවත් හැකිනම් සහකාර පොලිස් අධිකාරීවරයා මගින් තමන්ව අමතන ලෙසත්ය.
“මිනියක් මරා රෝහලට ඇතුළත් කරන තුරු ඔතන හිටපු උන් කළේ කුමක්දැයි“ ඔහු විමසා ඇතැයි වාර්තා වේ. “
සහකාර රෝහල් අධ්‍යක්ෂවරයාටත් මේ සම්බන්ධව දැනුම් දී ඇති නමුත් ඔහු පවසා ඇත්තේ රෝහල් අධ්යක්ෂවරයා රෝහලට පැමිණ නැති බැවින් අධිකරණ නියෝගයක් රැගෙන පැමිණියහොත් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමට ඉඩ දිය හැකි බවය.
ඒ අතර තුර රෝහල් පොලිසිය දැන්විය යුතු සියලුම ඉහළ නිලධාරීන්ට අදාල තොරතුර දන්වා ඇත. අවස්ථා තුනක දි රෝහල් අධ්යක්ෂවරයාගෙන් මෙම තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් ඔහු විවිධ කාරණා ඉදිරිපත් කරමින් එම ඉල්ලීම මග හැර ඇත.
ඒ සමගම එස්ටීඑෆ්, හමුදා සහ පොලිස් බුද්ධි අංශ පැමිණ සැක කටයුතු වාහන දෙකේ තොරතුරු මොටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඒ තොරතුරු ඔස්සේ විමර්ශන අරඹා තිබේ.
ඒ අතර ගම්පහ රෝහල් අධ්යක්ෂවරයා විසින් රොහලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට ඉඩ ලබා නුදුන්න ද රෝහල ඉදිරිපිට ඇති ආයතන සහ නවලෝක රෝහලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට ඔවුන් ඉඩ දී තිබේ.
ඒ තොරතුරු ඔස්සේ සැකකරු හඳුනා ගැනීමට බුද්ධි අංශවලට හැකි වී ඇත. ඒ ඔස්සේ කරන ලද විමර්ශනවලින් පැය දෙකක් ගතවීමට පෙර සැකකරුත්, මරණය සිදුවූ දැරියගේ අනන්‍යතාවයත්, ඇයගේ සියලු විස්තරත් සොයාගෙන සැකකරුවන් සහ වාහනය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
ගැටලුව විසඳාගත් හෙයින් රෝහල් අධ්යක්ෂ සමන් පතිරණගේ අමන හැසිරීම සම්බන්ධව කිසිවෙකුට පැමිණිලි කිරීමට රොහල් පොලිසිය කටයුතු කර නැත.