පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හෙට ( 14 ) ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.
ශාස්ත්‍ර පීඨයේ ගෙම්බා ආපන ශාලව තුළ දී නවක වදයට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් දෙකක් අතර සිදු වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශාස්ත්‍ර පීඨ අධ්‍යයන කටයුතු මුළුමනින්ම නතර කොට තිබිණි.
ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා සිට ශාස්ත්‍ර පීඨයේ සියලුම අධ්‍යාපන කටයුතු නතර කර දැමුණු අතර මහා ශිෂ්‍ය සංගමය මැදිහත්ව ශාස්ත්‍ර පීඨයේ නවක වදයට පක්ෂ කණ්ඩායම විසින් නැවත එකඟතාවයක් ඇති වන තෙක් එම පඨය වසා දැමීය.
මේ වන විට ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය නවක වදයට පක්ෂ ශිෂ්‍ය සංගම් අන්‍යෝන්‍ය අවබෝධය සහිතව එකඟතාවයකට පැමිණෙමින් ශාස්ත්‍ර පීඨය විවෘත කිරීමට එකඟ වූ බව ආචාර්ය මධුජිත් පැවසීය.
මේ වැනි ගැටළු යළි ඇති නොවීමට වග බලා ගැනීමට එකඟතාවයෙන් අනතුරුව ශාස්ත්‍ර පීඨය විවෘත කිරීමට තීරණය කළ බවද හෙතෙම කීය.







