අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.
ඒ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපල යාන වාහන හා බැංකු ගිනුම් පවත්වාගෙන යමින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමිනි.
අධි චෝදනා භාර දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේදී ය. ඉන් අනතුරුව ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
නඩුව ජුලි 11 යළි කැඳවීමට නියමිතය.







