තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ගැටුමක් පවතින බවට අමූලික බොරු ප්‍රචාරය කරන්නේ එකඟතාවයක් සහිතව අපේක්ෂක ලයිස්තුවක් හෝ හදා ගන්නට නොැකි කණ්ඩාමක් බවත් ඔවුන්ට පවු කියා කියනවා හැරෙන්න වෙන කියන්නට දෙයක් නැති බවත් අගමැතිනී හරිනි අමරසූරිය පැවසුවාය.
දෙහිවල අත්තිඩියේ පැවැත්වූ ජන හමුවක් අමතමින් අගමැතිනිය එම කටකතා ප්‍රචාරය කරන අයට කිව්වේ ” මට කියන්න තියෙන්නේ පවු කියලා… එය ඔබේ බලාපොරොත්තුව විය හැකියි… නමුත් එය කවදාවත් වෙන්නේ නෑ” යනුවෙනි.
“අපි දන්නවා මේ දවස්වල අර සුපුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් හරිම දක්ෂයි.
මම මේ අද එන ගමන් දැක්කේ අද ප්‍රවෘත්තියක් තියනවා, ඒක කාලයක් තිස්සේ කියන එකක්, අනුර සහෝදරයයි මමයි ෆුල් ෆයිට් එකේ කියලා. අපි දැන් කතා කරන්නෙ නෑලු. බැණ ගන්නවලු. මම දන්නේ නෑ කවදද මේ බොරුව එපා වෙන්නේ කියලා. ”
“අලුත්ම එක විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති තෝරනකොට මට ඕන කෙනා නෙමෙයිලු තේරුවේ. මට තරහා ගියාලු. අනුර සහෝදරයා එක්ක රණ්ඩු වුනාලු. ඒත් මම කියන දේ අහන්නේ නැතිව අනුර සහෝදරයා එයාට ඕන කෙනා පත් කරගත්තලු. අපි මේ තීරණ ගන්න කාමරවල ඒ ගොල්ල ඉඳලා වගේ.”
“කොහොමද එහෙම කියන්නේ. ඒක ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තුව වෙන්න පුලුවන්. නමුත් කණගාටුයි කියන්න. ඒක ඔයාලගේ බලාපොරොත්තුව වුනාට ඒක නෙමෙයි ඇත්ත.
අනුර සහෝදරයයි මමයි එකට එකතු වෙලා සාකච්ඡා කරලා ගත්ත තීරණයක්. මම මේක කියන එකත් නිකම් ගොං කමක් වගේ. හැබැයි ඉතිං පවු. ඇත්තටම පවු. ”
“එතෙන්ටනම් ඒ ගොල්ල වැටිලා තියෙන්නේ ඇත්තටම පවු. අඩුම තරමේ එකඟතාවයකින් අපේක්ෂක ලයිස්තුව හදා ගන්න බැරිනම් අපි තීරණ ගන්න විදිහ ගැන ඒ අයට කතාකරන්නවත් අයිතියක් නෑ. ”
“අපි අතර කිසි ප්‍රශ්නයක් නෑ. තරගයක් නෑ. ගැටුමක් නෑ. අපි අපේ වැඩේ හරියට කරගෙන යන්නම්. ඔයාලා බලන් ඉන්න…” අගමැතිනිය කීවාය.







