තමන් දේශපාලනයේ සිටින තුරු ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායකට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන බව අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.
“අනුර දිසානායක මිනිස්සුන්ට පොඩි බෝක්කුවක්වත් හදල දීල තියෙනවද? මම දේශපාලනේ ඉන්නකම් එයාට මේ රටේ ජනාධිපති වෙන්න ඉඩ තියන්නේ නෑ,” ඔහු කියා සිටියේ මහනුවර පැවති ජනහමුවක් අමතමිනි.
“ මනුස්සයෙකුගේ උස බලලා සිකියුරිටි රස්සාවට විතරයි හොඳ කිව්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගැන කතා කරලා වැඩක් නෑ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
“රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්කිරීමට මම පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළේ බොහෝ දෙගිඩියාවෙන් නමුත් දැන් කිසිදු සැකයකින් තොරව ඔහුව අනුමත කරනවා” යැයිද ඔහු පැවසීය.







