බන්ධනාගාරය තුළ දී ඇති වූ රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සෙනසුරාදා (13) සවස මිය ගිය රැඳවියාට මොළේ උණ වැළඳී ඇති බව සනාථ වීමත්, බන්ධනාගාරයෙන් තවත් මොළේ උණ රෝගීන් දෙදෙනෙක් සොයා ගැනීමත් සමග ගාල්ල බන්ධනාගාරයේ සාමාන්‍ය වැඩපිළිවෙළ සතියක කාලයකට අත්හිටුවීමට බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබේ.
අසාත්මිකතාවයක් හේතුවෙන් මෙම රැඳවියා මිය ගිය බව මුලින් පැවසුන ද පශ්චාත් මරණ පරික්ෂණයේ දි හෙළිදරවු වූයේ ඔහු මොළේ උණ රෝගය වැළඳී මිය ගොස් ඇති බවය.
ඒසේ මියගොස් තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයට පසුගිය මැයි මස 22 දා යොමු කළ විසි හය හැවිරිදි වියේ පසුවන වඳුරඹ මා බොටුවන ප්‍රදේශයේ තරුණයෙකි.
මේ වනවිට බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනකුට මොලේ උණ රෝගය වැළඳී ඇතැයි හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනා මේ වනවිට කරාපිටිය ශි්ණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගේ උපදෙස් මත ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බැව් ගාල්ල බන්ධනාගාර කාර්යාලය පවසයි.
ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලබන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට පියවර ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ යුතු රැඳවියන් skype තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම කාලය තුළ අමුත්තන් බැලීමේ කටයුතු සීමා කොට ඇත.
මේ වසරේ ජනවාරි මස ද මේ ආකාරයෙන් බන්ධනාගාරය තුළ මොළේ උණ පිළිබඳ මාරක බියක් පැතිරී ගියේය. රෝගියෙක් මිය ගොස් රැඳවියන් 07 දෙනෙක් ආසාදිත වී මේ අයුරිිිින්ම බන්ධනාගාරයේ කටයුතු සීමා කළේය. රැඳවියන්ගේ ධාරිතාව මෙන් සිවු ගුණයක පිරිසක් බන්ධනාගාරය තුළ රඳවා තැබීම මාරක වසංගතවලට ඔවුන් ගොදුරු වීමේ ප්‍රධානම හේතුවක් බව එදා බන්ධනාගාර පරිපාලනය කීවේය.







