දිනසේන රතුගමගේ –
මන්නාරම රෝහලේ සංවර්ධන කටයුතු සදහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 600 ක මුදලක් පරිත්‍යාග කිරීමට ඉන්දීය රජය ඊයේ එනම් 7 වන දා කැමැත්ත පල කොට තිබේ.
මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මාර්ගයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ වසරේ පෙබරවාරි මාසයේදී කරන ලද ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය ලබා දීමට කැමැත්ත පල කොට තිබේ.
මෙම මුදලෙන් මන්නාරම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ඉදිකිරීම් හා ඊට අවශ්‍ය උපකරණ මිලට ගැනීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් බලාපොරොත්තු වෙයි.







