අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන දෙන බවකී පොලිස් ඉන්ධන පිරවුම්හලේ  පොම්පයට වුන දේ පොලිසිය කියයි  …

ඇමති අණින් ඉන්ධන ලබාදීම අත්හිටුවයි!  

by editor
මැයි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පොම්පය අවුරුදු කිහිපයකින් යාවත්කාලීන කර නොමැති බව   විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව වෙළඳපොළ මිලට හෝ එම පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන ලෙස දැනුම්දී  ඇතැයි අමාත්‍යවරයා කියයි.   මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස දැනුම් දී ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන්ට සහන මිලකට ඉන්ධන ලබා දෙන බවට ඡායාරූපත් සහිතව සමාජ මාධ්‍යයේ පලවූ ප්‍රවෘත්තියෙන් පසු    නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට  උපදෙස් ලබා දුන් පසුය.

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් මන්ත්‍රිවරුන්ට සහන ඉන්ධන ලබා දෙන බවට වූ  ප්‍රවෘත්තිය පලවූ  වහාම ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ  දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු පාර්ශ්වයකට හෝ කිසිවකුට ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවය.

(1) While I do understand the frustration and anger from the public, posts shared on MPs been given subsidized fuel rates is false. No MP from either side or anyone has been given subsidized rates than the current market prices given to the public.

— Kanchana Wijesekera (@kanchana_wij) May 19, 2022

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ පිළිබඳව පොලිස් රථ වාහන කොට්ඨාසයේ නිලධාරියෙකුගෙන්  කළ විමසීමක දී ඔහු පැහැදිලි කළේ  මෙම පිරවුම්හලෙන් මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලැබුවේ පොලිස් රථ වාහන සඳහා පමණක් බවත් එහිදී වැදගත් වන්නේ මිල ගණන් නොව පිරවුම්හලට ලැබුණු ඉන්ධන ලීටර ප්‍රමාණය     නිකුත් කළේ කෙසේද යන්න බවත්ය.  කිසිම අවස්ථාවක පොලිස් වාහන සඳහා මුදලට ඉන්ධන නිකුත් නොකරන  බව ඔහු පෙන්වා දුන්නේය.  ඒ අනුව ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් පැනනොගුන බව කීවේය.

මේ අවස්ථාවේ ඉක්මන් තීරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉන්ධන ලබා දීමට දුන් නියෝගය මත ඉන්ධන මුදා හැරියේ වෙළෙඳපලේ මිලට බවත්, අත් පිට මුදලට ලබා දුන් එම ඉන්ධන ප්‍රමාණය සඳහා බිල්පත් නිකුත් වී ඇති බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට පොලිස් වාහනයකට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ උපරිම ලීටර තිහකට යටත්ව නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙළෙඳපලේ මිලට   ඉන්ධන නිකුත් කරන්නේ සීමාවක් නැති බවද ඔහු කීවේය.

 

Share69Tweet43
Previous Post

හෙට අත්‍යාවශ්‍ය  සේවා සඳහා පමණක් වාර්තා කරන්න… අගමැති රජයේ සේවකයින්ගෙන් ඉල්ලයි…

Next Post

සජබයෙන් රෝහල්වලට කෝටි තුනක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධ දෙකක් දෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.