නිමල් ජයරත්න –
පොලොන්නරුව මඩකලපුව මාදුරු ඔය ප්‍රධාන මාර්ග මනම්පිටිය හන්දියෙන් අවහිර කර මහවැලි බී කලාපීය ගොවි සංවිධානය , දිඹුලාගල කලාපීය ගුරු විදුහල්පති එකමුතුව, රාජ්‍ය සේවකයින්, ත්‍රිරෝද රථ සංගම් බහුජන ක්‍රියාකාරිකයින් එක්ව දැවැන්ත උද්ඝෝෂණය නිරතවූහ.
විරෝධතාවයට දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පාසල් 104 ක විදුහල්පතිවරුන්, ගුරුවරු එක් වී සිටියහ.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරු මෙන්ම ආගමික නායකයින් පෙරටු කොට ගනිමින් මෙම දැවැන්ත විරෝධය මනම්පිටිය නගරයෙන් ආරම්භ වී මඩකලපුව මංසන්දිය දක්වා පැමිණියේය.
ජන පීඩක ආණ්ඩුවට ගෙදර යෑමට බලකරමින් ගෝල්ෆේස් පිටියෙන් ඇරඹුණ අරගලයේ තීරණාත්මක අනතුරු ඇඟවීමක් කරමින් රට පුරා ඇති වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ඈත ගම්බිම් සිසාරා ගියේ එසේය.
මෙම විරෝධතාවයට පුද්ගලයන් 5000 ට අධික පිරිසක් සහභාගි වූහ.








