බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්තානයේ හොර ඉන්දියන් සල්ලි අල්ලන්න බංග්ලා සහය

by Lankasara News
අප්‍රේල් 28, 2022 - Updated on අප්‍රේල් 30, 2022
in පුවත්
fake Indian rupees
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ අයිඑස්අයි සංවිධානය ව්‍යාජ මුදල් බංගලාදේශය හරහා ඉන්දියාවට යවනු ලබන ජාලය මැඩ පවත්වන්නට ඉන්දීය විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) හා බංගලාදේශ නිළධාරීන් එක්ව කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රට තුළ ව්‍යාජ ඉන්දියානු මුදල් නෝට්ටු ජාලය නිරීක්ෂණය කිරීමට හා මැඩ පැවැත්වීමට ඉන්දියාව හා බංග්ලාදේශය ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටිති.

ඉන්දියානු දේශ සීමාව තුළට ව්‍යාජ මුදල් ඇතුල් කිරීම සඳහා පාකිස්ථානු බුද්ධි අංශය අයිඑස්අයි හා කටයුතු කරන බවට මෑතකදී බංග්ලාදේශයෙන් හමුවූ ව්‍යාජ නෝට්ටු ඔස්සේ තොරතුරු හෙළි වී තිබේ. අයිඑස්අයි වලට අමතරව සමහර අන්තර්ජාතික අපරාධ කල්ලි ද මෙම ජාවාරම හා සම්බන්ධව කටයුතු කරන බව බංග්ලාදේශ ලයිව් නිව්ස් වාර්තා කරයි.

2021 නොවැම්බර් මාසයේදී ධකා පොලීසිය විසින් ෆාතිමා අක්තර් හා ෂෙයික් එම්ඩී නැමැති බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව කෝටි 7.35ක වටිනාකමින් යුතු ඉන්දීය ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් තිබී ඇත. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මේ මුදල් තොගය බංග්ලාදේශ ජාල හරහා ඉන්දියාවට යැවීමයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

2022 පෙබරවාරි මාසයේදීත් ධකා පොලීසිය ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු සහිත බෑගයක් සොයා ගත් අතර පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. බංග්ලාදේශ ලයිව් නිව්ස් වාර්තාවලට අනුව පාකිස්ථාන අයිඑස්අයි සංවිධානය මෙහෙයවන මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාලය සමඟ බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් හතක් සම්බන්ධ වී තිබේ. විමර්ශනයන්ට අනුව අත්අඩංගුවට ගත් තැනැත්තන් මෙම ජාලයේ කොටස්කරුවන් ය.

සිදු කළ විමර්ශනයන්ට අනුව ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු පාකිස්ථානයේ දී මුද්‍රණය කොට ඒවා නීතිවිරෝධී ආකාරයෙන් නේපාල හෝ බංග්ලාදේශ සීමා හරහා සෘජුවම ඉන්දියාවට එවනු ලබයි. එසේ නැතහොත් ඩුබායි, බැන්කොක්, හොන්ග් කොන්ග් හා කොළඹ මාර්ග හරහා ඉන්දියාවට එවයි.

අයිඑස්අයි විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාලය අන්තර්ජාතික අවධානයට ලක් වූයේ 2011 වසරේදීය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන උපාය මාර්ග වාර්තාව මඟින් පාකිස්ථානයේ මුද්‍රිත ව්‍යාජ මුදල් නොට්ටු ඉන්දියාවට පැමිණීම තහවුරු කරන ලදී. ත්‍රස්තවාදී හා අපරාධ ජාලයන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා මෙම මුදල් භාවිතා කළ බව ද එමඟින් සනාථ වී ඇත.

Share69Tweet43
Previous Post

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන කොට උඩ යන ලකුණු… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි!

Next Post

මනම්පිටිය ගොවි උද්ඝෝෂණයට ගුරු – විදුහල්පති එකමුතුවත් එක් වෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.