කුඩු රෝෂාන් නැමැත්තා අද (20) පස්වරුවේ දි හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගරවත්ත ප්රදේශයේ දි කපා කොටා ඝාතනය කොට ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
කටා රෝෂාන් නමින් ද මොහු හදුන්වන අතර මිතුරන් පිරිසක් සමග නලාගස්දෙණියවත්ත කන්නන්ගරවත්ත ප්රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදි මොහු කපා කොටා ඝාතනය කොට ඇති බැව් පොලිසිය පවසයි.
කළුපේ ප්රදේශයෙන් පැමිණි පිරිසක් විසින් මෙකි ඝාතනය කොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ඝාතනය කොට ඇත්තේ රෝෂාන් කුමාර ද සිල්වා නොහොත් කුඩු රෝෂාන් නැමැති 35 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු මහාපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු සිටි මදුෂ් ගේ සමිපතයකු බව ද පොලිසිය පවසයි.
කළුතර දි බන්ධනාගාර බස්රථයකට පහරදි සමයං ඝතනය කිරිමේ සිද්ධියට ද මොහු සම්බන්ද බවටද සැලකෙන අතර හික්කඩුව පොලිසිය මෙකි ඝාතනය සම්බන්දව පරික්ෂණ පවත්වයි.







